මැදියම් රාත්‍රිය වන තුරු නටලා
ෆින්ලන්තයේ අගමැතිනි සානා මැරීන් සාදයකට සහභාගි වෙමින් නර්තනයේ නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාලයට නිකුත් වීමෙන් පසු එරට විපක්ෂයේ දැඩි දෝෂාරෝපණයට ලක් වී සිටී. මේ වීඩියෝ පටයේ ඇය නර්තනයේ යෙදෙමින් සහ ගී ගයමින් ප්‍රීති වන අයුරු දැක්වෙන අතර, ඒ පිළිබඳ විවේචනය කළ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ඇය මත්ද්‍රව්‍ය භාවිත කළේදැයි සොයා බැලීමට වහාම පරීක්ෂණයකට ලක් කළ යුතු බවය.
36 හැවිරිදි සානා මැරින් මේ චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම සාදයේදී තමා මත්පැන් පානය කළ බවත්, මැදියම් රැය වන තුරු නර්තනයේ යෙදුණු බවත් ප්‍රකාශ කර තිබේ.
නිරතුරුවම සාදවලට සහභාගි වන ෆින්ලන්තයේ අගමැතිනිය පසුගිය වසරේදී කොවිඩ් සීමා තහංචි උල්ලංඝනය කරමින් සාදයකට සහභාගි වීම හේතුවෙන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි අතර, නඩුවකට පෙනී සිටීමට ද සිදු වී තිබිණි.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…