Sunday, May 31, 2026
Homeදේශීයජනාධිපති මන්දිරයට ඇතුළු වූ පුද්ගලයින් රට ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත් කළා

ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පුද්ගලයින් රට ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත් කළා

ජූලි 9 වනදා සිදුවීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියට පත් වූ බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි නාන තාටකය තුළ විවිධ පුද්ගලයින් හැසුරුණු ආකාරය ජාත්‍යන්තරයේ උපහාසයට ලක් වූ බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙනවා.

යම්කිසි පුද්ගලයකු හෝ මහජන නියෝජිතයකු නීති විරෝධී අයුරින් ධනය එක්රැස්කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීති අංශ සිටින බවත් මහජනතාවට නීතිය අතට ගෙන කටයුතු කළ නොහැකි බවත් ආරක්ෂක ලේකම් වරයා පවසනවා. නිවාස ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධව අදසහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කර සිටියා.

READ:   එක්ස්ප්‍රස් පර්ල් නැවේ නඩුව අද සිංගප්පූරුවේදී පළමු වරට කැඳවයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්