Saturday, July 25, 2026
Homeදේශීයඖෂධ වලින් 40% ක් දේශියව නිශ්පාදනයට පියවර - සෞඛ්‍ය ඇමති

ඖෂධ වලින් 40% ක් දේශියව නිශ්පාදනයට පියවර – සෞඛ්‍ය ඇමති

මෙරටට අවශ්‍ය වන ඖෂධ ප්‍රමාණයෙන් 40% ක් දේශියව නිෂ්පාදනය කිරීම සඳහා වන වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහිලිය රඹුක්වැල්ල පවසනවා.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් සොයා බලා අඩුපාඩුවක් නොවන ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

දැනට රට තුල පවතින ඖෂධ හිඟය පිළිබඳව වාර්තා හා නිර්දේශ ලබාගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තාක්ෂණික කමිටුවක් පත් කර ඇති බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මෙහිදි සඳහන් කර සිටියා.

READ:   සිංහරාජයේ චමල් හදන්නේ ජල තටාක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්