Saturday, April 18, 2026
Homeදේශීයඅවුන්සාන් සුකීට තවත් වසර හයක සිරදඩුවමක්

අවුන්සාන් සුකීට තවත් වසර හයක සිරදඩුවමක්

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දමමින් හමුදා පාලනයක් ගෙන යන මියන්මාරයේ උසාවියක් මඟින් බලයෙන් නෙරපාදමා අත්තඩංගුවට ගෙන සිටින අවුන්සාන් සුකීට දූෂණ චෝදනා සම්බන්ධයෙන් තවත් වසර හයකට සිර දඬුවම දිර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මහජන ඉඩම් වෙළඳපල මිලට අඩුවෙන් කුලියට ගැනීම, පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට නිවසක් ඉදිකරවා ගැනීම යන කාරණා සම්බන්ධව තම තනතුර අනිසිලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා ගොණු කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මගින් තෙරීපත්වූ රජය 2021 පෙබරවාරි මාසයේ දී මියන්මාර හමුදාව විසින් පෙරලා දමා බලයෙන් පහ කරන ලද අවුන්සාන් සූකීට රාජද්‍රෝහී දූෂණ සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් වසර 11 ක සිරදඩුවම් නියම කර සිටියා.

READ:   නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිල පිටියට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්