අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති ඖෂධ මිල ගණන් පාලනය කර රෝගී ජීවිත රැක ගැනීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
ඇතැම් ඖෂධ මිල ගණන් සියයට තුන්සියකින් පමණ ඉහළ ගොස් ඇති බවත් එය රෝගී ජනතාවට දරාගත හැකි තත්ත්වයක් නොවන බවත් හෙතෙම කියා සිටියේය.
රුපියල අවප්‍රමාණය සමග ඩොලරයේ මිල ඉහළ යෑමේ පීඩනය මුළුමනින්ම ජනතාව මත පැටවීම නතර කළ යුතු බවත් එබැවින් ඖෂධ මිල ඉහළ යෑමේ යම් ප්‍රතිශතයක් ආණ්ඩුව විසින් දැරීමට කටයුතු කළ යුතු බවත් අලුත්ගේ මහතා කීවේය.
ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව වහා රැස්වී මේ සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගත යුතු බවත් හෙතෙම පැවසීය.
ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග සියල්ල පාහේ ඉහළ යෑම මත රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සිරිමන්ත රත්නසේකර – දිවයින පුවත්පතේ වාර්තාවකි
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…