Thursday, April 17, 2025
Homeදේශීයඇතැම් ඖෂධ 300% කින් මිල නැගලා

ඇතැම් ඖෂධ 300% කින් මිල නැගලා

අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති ඖෂධ මිල ගණන් පාලනය කර රෝගී ජීවිත රැක ගැනීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

ඇතැම් ඖෂධ මිල ගණන් සියයට තුන්සියකින් පමණ ඉහළ ගොස් ඇති බවත් එය රෝගී ජනතාවට දරාගත හැකි තත්ත්වයක් නොවන බවත් හෙතෙම කියා සිටියේය.

රුපියල අවප්‍රමාණය සමග ඩොලරයේ මිල ඉහළ යෑමේ පීඩනය මුළුමනින්ම ජනතාව මත පැටවීම නතර කළ යුතු බවත් එබැවින් ඖෂධ මිල ඉහළ යෑමේ යම් ප්‍රතිශතයක් ආණ්ඩුව විසින් දැරීමට කටයුතු කළ යුතු බවත් අලුත්ගේ මහතා කීවේය.

ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව වහා රැස්වී මේ සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගත යුතු බවත් හෙතෙම පැවසීය.

ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග සියල්ල පාහේ ඉහළ යෑම මත රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර – දිවයින පුවත්පතේ වාර්තාවකි

READ:   මහ වැසි නොතකා ක්‍රිකට් පිටිය ආරක්ෂා කළ කාර්ය මණ්ඩලයට අ.මෙ ඩොලර් 50,000ක ත්‍යාගයක්. තරගයේ වීරයාත් දායක වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්