ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රිය මුර සංචාරක ගුවන් යානය ලබන 15 වෙනිදා නිල වශයෙන් සිය ගුවන් යානා බලඇණියට එක්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගුවන් යානය භාරදීමට නියමිත බව ගුවන් හමුදාව සඳහන් කළේය.
එම උත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර 2018 ජනවාරි 09 වන දින නවදිල්ලියේ පැවැති දෙරටේ ආරක්ෂාව පිළිබද සාකච්ඡාව අතරතුර දී ශ්‍රි ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සදහා ඉන්දියාවෙන් ඩොනියර් වර්ගයේ සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානා දෙකක් ලබා ගැනීමේ හැකියාව පිළිබද අවධානය යොමු කෙරිණි.
පසුව ශ්‍රි ලංකා රජයේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩොනියර් -228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භ වසර දෙක සදහා නොමිලේ ලබා දීමට එකග වී ඇත.
ඩොනියර් -228 යනු කෙටි ගුවන් ධාවන පථයක් මත ගුවන් ගත කිරීමේ සහ ගොඩබෑම් සදහා විශේෂිත වූ හැකියාවකින් යුත් ටර්බෝප්‍රොප් වර්ගයේ ද්විත්ව එන්ජින් සහිත බහු කාර්යය සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානයකි.
ඉන්දියාවේදී මාස 04ක විශේෂ පුහුණුවක් ලත් ගුවන් නියමුවන්, නිරීක්ෂකයින්, ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශීල්පීගෙන් සැදුම්ලත් 15 දෙනෙකුගෙන් සමත්විත කණ්ඩායමක් විසින් ඉන්දීය රජයේ තාක්ෂණික කණ්ඩායමේ අධීක්ෂණය යටතේ ඩෝනියර් 228ක ගුවන් යානය පියාසර කිරීම සහ නඩත්තු කටයුතු සිදුකිරීමට නියමිත බව ගුවන් හමුදාව සඳහන් කළේය.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…