දේශීය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින් එකතුවෙන ඩොනියර් 228 යානය

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රිය මුර සංචාරක ගුවන් යානය ලබන 15 වෙනිදා නිල වශයෙන් සිය ගුවන් යානා බලඇණියට එක්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගුවන් යානය භාරදීමට නියමිත බව ගුවන් හමුදාව සඳහන් කළේය.

එම උත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර 2018 ජනවාරි 09 වන දින නවදිල්ලියේ පැවැති දෙරටේ ආරක්ෂාව පිළිබද සාකච්ඡාව අතරතුර දී ශ්‍රි ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සදහා ඉන්දියාවෙන් ඩොනියර් වර්ගයේ සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානා දෙකක් ලබා ගැනීමේ හැකියාව පිළිබද අවධානය යොමු කෙරිණි.

පසුව ශ්‍රි ලංකා රජයේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩොනියර් -228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භ වසර දෙක සදහා නොමිලේ ලබා දීමට එකග වී ඇත.

ඩොනියර් -228 යනු කෙටි ගුවන් ධාවන පථයක් මත ගුවන් ගත කිරීමේ සහ ගොඩබෑම් සදහා විශේෂිත වූ හැකියාවකින් යුත් ටර්බෝප්‍රොප් වර්ගයේ ද්විත්ව එන්ජින් සහිත බහු කාර්යය සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානයකි.

ඉන්දියාවේදී මාස 04ක විශේෂ පුහුණුවක් ලත් ගුවන් නියමුවන්, නිරීක්ෂකයින්, ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශීල්පීගෙන් සැදුම්ලත් 15 දෙනෙකුගෙන් සමත්විත කණ්ඩායමක් විසින් ඉන්දීය රජයේ තාක්ෂණික කණ්ඩායමේ අධීක්ෂණය යටතේ ඩෝනියර් 228ක ගුවන් යානය පියාසර කිරීම සහ නඩත්තු කටයුතු සිදුකිරීමට නියමිත බව ගුවන් හමුදාව සඳහන් කළේය.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

14 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

14 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago