දේශීය

සවුදි සොහොයුරියන්ගේ අබිරහස් මරණය

මරණ පරීක්ෂණ වාර්තාව තවම නෑ: ඝාතනයක්දැයි සැකයක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කැන්ටබරි මහල් නිවාස සංකීර්ණයේ නිවෙසක අබිරහස් අන්දමින් මියගොස් සිටියදී මාස දෙකකට පෙර පොලිසිය විසින් සොයා ගනු ලැබූ සෞදි අරාබි ජාතික සොහොයුරියන් දෙදෙනකුගේ මළ සිරුරු මේ වන විට ඔස්ට්‍රේලියාව දැඩි කැලඹීමකට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

24 හැවිරිදි අස්රා අබ්දුල්ලා සහ ඇගේ සොහොයුරිය 23 හැවිරිදි අමාල්ගේ මළ සිරුරු සිඩ්නි නුවර පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ පසුගිය ජූනි මස 7 වැනිදා වූවද, මාධ්‍යයට තොරතුරු වාර්තා වී ඇත්තේ තරුණියන් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා පොලිසිය විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ රූමත් තරුණියන් දෙදෙනාගේ මරණය ඝාතනයක් බවට මේ වන විට එරට මාධ්‍ය සැක පහළ කර ඇති අතර, සිඩ්නි පොලිසිය මෙතෙක් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය නොකිරීම දැඩි විමතියට කරුණක් වී ඇතැයි ද වාර්තා වේ.

මහල් නිවාසයේ ඔවුන් පදිංචිව සිටි නිවෙසේ ඇඳන් මත තිබී සොයාගත් සෞදි තරුණියන් දෙදෙනා මිය යන්නට ඇත්තේ පසුගිය මැයි මාසයේදි බවට පොලිසිය අනුමාන කර ඇති අතර, පසුගිය මාස දෙකක කාලයක් තුළ රහසිගතව ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර ඇත. සෞදි සොහොයුරින් දෙදෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා මෙතෙක් පොලිසියට ලැබී නැති බැවින් සොහොයුරියන් දෙදෙනාගේ මරණ පිළිබඳ කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා දිය නොහැකි බව සිඩ්නි පොලිසිය සඳහන් කර තිබේ.

වසර 2017දී ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය අපේක්ෂාවෙන් සෞදි අරාබියෙන් පලා ආ බව කියන මේ තරුණියන් දෙදෙනා පෞද්ගලික විමර්ශකයකු ඔවුන් පසුපස ලුහුබැඳ එන බවට බියෙන් පසුවී ඇතැයි මේ වනවිට වාර්තා වී තිබේ. කෙසේ වුවත් මළසිරුර මත තුවාලයක සළකුණක් හෝ කිසිවකු බලහත්කාරයෙන් නිවෙසට ඇතුළු වූ බවට හෝ කිසිදු සාක්ෂියක් නැති බැවින් මේ අභිරහස් මරණ සම්බන්ධව පොලිසිය දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බව ද වාර්තා වේ.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago