දේශීය

සවුදි සොහොයුරියන්ගේ අබිරහස් මරණය

මරණ පරීක්ෂණ වාර්තාව තවම නෑ: ඝාතනයක්දැයි සැකයක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කැන්ටබරි මහල් නිවාස සංකීර්ණයේ නිවෙසක අබිරහස් අන්දමින් මියගොස් සිටියදී මාස දෙකකට පෙර පොලිසිය විසින් සොයා ගනු ලැබූ සෞදි අරාබි ජාතික සොහොයුරියන් දෙදෙනකුගේ මළ සිරුරු මේ වන විට ඔස්ට්‍රේලියාව දැඩි කැලඹීමකට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

24 හැවිරිදි අස්රා අබ්දුල්ලා සහ ඇගේ සොහොයුරිය 23 හැවිරිදි අමාල්ගේ මළ සිරුරු සිඩ්නි නුවර පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ පසුගිය ජූනි මස 7 වැනිදා වූවද, මාධ්‍යයට තොරතුරු වාර්තා වී ඇත්තේ තරුණියන් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා පොලිසිය විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ රූමත් තරුණියන් දෙදෙනාගේ මරණය ඝාතනයක් බවට මේ වන විට එරට මාධ්‍ය සැක පහළ කර ඇති අතර, සිඩ්නි පොලිසිය මෙතෙක් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය නොකිරීම දැඩි විමතියට කරුණක් වී ඇතැයි ද වාර්තා වේ.

මහල් නිවාසයේ ඔවුන් පදිංචිව සිටි නිවෙසේ ඇඳන් මත තිබී සොයාගත් සෞදි තරුණියන් දෙදෙනා මිය යන්නට ඇත්තේ පසුගිය මැයි මාසයේදි බවට පොලිසිය අනුමාන කර ඇති අතර, පසුගිය මාස දෙකක කාලයක් තුළ රහසිගතව ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර ඇත. සෞදි සොහොයුරින් දෙදෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා මෙතෙක් පොලිසියට ලැබී නැති බැවින් සොහොයුරියන් දෙදෙනාගේ මරණ පිළිබඳ කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා දිය නොහැකි බව සිඩ්නි පොලිසිය සඳහන් කර තිබේ.

වසර 2017දී ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය අපේක්ෂාවෙන් සෞදි අරාබියෙන් පලා ආ බව කියන මේ තරුණියන් දෙදෙනා පෞද්ගලික විමර්ශකයකු ඔවුන් පසුපස ලුහුබැඳ එන බවට බියෙන් පසුවී ඇතැයි මේ වනවිට වාර්තා වී තිබේ. කෙසේ වුවත් මළසිරුර මත තුවාලයක සළකුණක් හෝ කිසිවකු බලහත්කාරයෙන් නිවෙසට ඇතුළු වූ බවට හෝ කිසිදු සාක්ෂියක් නැති බැවින් මේ අභිරහස් මරණ සම්බන්ධව පොලිසිය දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බව ද වාර්තා වේ.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

18 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

18 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago