දේශීය

සුදු ජාතික කාන්තාව වෙනුවෙන් – නීතිඥ නාගානන්ද

ගාලුමුවදොර අරගලයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම් සිදුකළ බ්‍රිතාන්‍ය තරුණියක වන කයිස් ෆ්‍රේසර් ගේ වීසා බලපත්‍රය තහනම් කිරීමට මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා . ඒ අනුව එළඹෙන 15 වනදාට ප්‍රථම මෙරටින් පිටවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඇයට දැනුම් දී තිබුණා.

මේම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් නීතීඥ නාගහනන්ද මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

දේශපාලනික හේතූන් මත රටක නීතිය භාවිතය සිදු කළ නොහැකි බව නීතිඥ නාගානන්ද පවසනවා.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් ව නීතිය ආරක්ෂා කිරීමට, නීතියේ ආධිපත්‍යය සුරැකීමට සියලුම දෙනා සමානව බැදී සිටින බවත් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට ජීවත්වන පුරවැසියාට සහ මෙරටට සංක්‍රමණික පුරවැසියාටත් එක සමාන අයිතිවාසිකම් හිමි කර දෙන බව එතුමන් පෙන්වා දෙනවා.

කැමති මතයක් දැරීම, අදහස් ප්‍රකාශ කිරීම, ක්‍රෑර වදහිංසා වලට ලක් නොවීම.. ආදි වශෙයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10.11.12.14.. ඉදිරියට වගන්ති මගින් මෙරට ජීවත් වන පුරවැසියාගේ පුද්ගලික අයීතීන් තහවුරු කර ඇති බවත්.. එලෙස තිබියදී මෙලෙස කටයුතු කීරීම නීතියේ සිදුව ඇති බිඳ වැටීමක් බවත් එතුමන් පෙන්වා දෙනවා.

මෙම සිදුවීමේන් අර්ථික වශයෙන් අර්බුදකාරී තත්වයක සිටින මෙරටට අභ්‍යන්තරව මෙන්ම ජාත්‍යන්තරය තුළත් ප්‍රතිවිපාකයන්ට මුහුණ දිමට සිදු වෙන බව අවධාරණය කර සිටින එතුමන් .. ” විදේශිකයන් අවශ්‍ය නැතයි.. ඇයට අදාළ නොවන දෙයක් ..අපිට ඩොලර් ලැබෙනවා.. ” යනුවේන් ඇයව විවේචනය කිරීම වැරදි බව පෙන්වා දෙනවා.

හැකි ඉක්මනින් සුදු ජාතික තරුණියට පනවා ඇති නෙරපීමේ නියෝගය ඉවත්කර ගන්නා ලෙසට නීතිඥ නාගානන්ද විසින් මෙහිදි රජයට දැනුම් දී සිටියා.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago