දේශීය

ජපානයේ රැකියා වැඩි ප්‍රමාණයක් ලංකාවට

ඉදිරි වසර 5ක කාලය තුළ ශ්‍රමිකයන් 345,150 දෙනකු සඳහා ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබෙන අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

ඒ සඳහා පාසල් මට්ටමින් ජපන් භාෂා ප්‍රවීණතාව සලසා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.

මේ සඳහා වූ යෝජනාව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (08) රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමි වූ බව, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (09) පැවසීය.

2017දී ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් තබා තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස විශේෂ කුසලතා සහිත අය සඳහා වන සහයෝගිතා ගිවිසුම අනුව ජපානයේ ක්ෂේත්‍ර 14ක රැකියා සඳහා අයැදුම් කිරීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට හිමිව ඇත. මේ ගිවිසුමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් අත්සන් තබා ඇති අතර එම රැකියා අවස්ථාවලින් වැඩි ප්‍රමාණයක් මෙරටට ගැනීමට හැකියාව ඇති බවට විදේශ රැකියා අමාත්‍යාංශය මඟින් තහවුරු කරගෙන තිබේ.

රන්මලී සෝමසිරි

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago