Categories: දේශීය

අපි දේශපාලන සංස්කෘතියක් බිහි කළා – ‌පොහොට්ටු

පොහොට්ටු මන්ත්‍රී ඩි. බී. හේරත්

විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ මිත්‍රශීලී සහයෝගිතා වැඩපිළිවෙළක් රටට දායාද කර නව දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. බී. හේරත් මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (8) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා මෙසේ ද කීවේය.

“මේ කාල වකවානුව තුළ මම දකින්නේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ නව අත්දැකීම් හුවමාරු කර ගැනීමක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ පාලන බලය අරගෙන මේ වන විට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමින් සිටිනවා. පාර්ලිමේන්තු ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත් කර එතුමා රටේ විධායක ජනාධිපතිවරයා බවට පත් වුණා. රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පත් වන්නේ විශේෂයෙන්ම විප්ලවීය වෙනසක් ඇතිවයි.

අද වන විට පක්ෂවලට බෙදී ඒ පක්ෂවල බලය තහවුරු කිරීමේ අරමුණේම සිටිය යුතුද ? එහෙම හිටපු පක්ෂ තිබුණා. ඒ නිසා රට අසාර්ථක වුණා කියන එක අප පිළිගන්නවා. මේ රටේ මහජනතාව අවුරුදු 74ක් තිබුණු රටේ පාලන තන්ත්‍රය තුළ විවිධ අත්දැකීම් විඳදරා ගත්තා. ජයග්‍රහණයන්, පරාජයන් විඳදරා ගත්තා. ඒ නිසා මේ අවස්ථාවේ මහජන නියෝජිතයන් හැටියට මේ විප්ලවීය වෙනසක් ඇතිවෙච්ච අවස්ථාවක වගකීමක් සහිත මහජන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ යුතුයි.

ජනාධිපතිතුමා බලයට පත්වන්නේ තනි පුද්ගලයෙක් හැටියටයි. හැබැයි මෙහි 145 බලයක් පොහොට්ටුව දේශපාලන පක්ෂය තහවුරු කර තිබෙනවා. රටේ මහජන මතය එතනයි තිබෙන්නේ. අවුරුදු 74ක දේශපාලන ඉතිහාසය තුළ පොහොට්ටුව කියන මහජන මතය නිර්මාණය වී කටයුතු කරන අවස්ථාවක පවතින තත්ත්වයත් එක්ක විප්ලවීය වෙනසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිදුකර තිබෙනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුව තුළ විවිධ දේශපාලන ප්‍රතිපත්ති තිබෙන්න පුළුවන්. හැබැයි අප යෝජනා කරන්නේ ඒ පෞද්ගලික දේශපාලන මතවාදයන්වලින් එහා ගියපු සර්ව පාක්ෂික කියන කාරණාවේ සැබෑ අරුත විග්‍රහ වෙන පාර්ලිමේන්තුවක්, කැබිනට් එකක් පත්වෙන්න ඕනෑ. එහෙම වුණාම ඒ කැබිනට්ටුව තුළ තමන් දරන දේශපාලන මතය, ජනතා මතය ඒ තුළ සනිටුහන් කරමින් මේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන්. රටක් හැටියට ගත්තාම මහා බරපතළ ආර්ථික අර්බුදයක් තිබෙනවා. පහුගිය කාලයේ මේ අර්බුදය නිසා එකිනෙකාට ඇඟිල්ල දික් කරනවා. නමුත් අප දැන් කළ යුත්තේ එය නොවෙයි. සර්ව පාක්ෂික ආණ්ඩුව තුළ මේ සියලු වගකීම් භාර ගෙන අප වඩා නිවැරදි දෙයක් කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා- ජනතාවගේ හදවත්වලට දැන් සතුටක් දැනෙනවා. ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර ප්‍රමාණයකින් අඩුවන බව සභාපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල යම් ප්‍රමාණයක මිල අඩුවීමක් මේ දිනවල අපට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම ඩොලරය යම් ප්‍රමාණයකින් අඩුවීමක් ද රුපියලේ වටිනාකම වැඩිවීමක් අප දකිනවා. මා හිතන්නේ රුපියල ස්ථාවර කර ගැනීම තුළින් මේ රටේ බඩු මිල අඩු කිරීමේ හැකියාව තිබෙන බවයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න පක්ෂ නායකයන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරනවා. සියලු පක්ෂ නායකයන්ගේ වගකීම මේ වෙලාවේ රට ගොඩනඟන අවස්ථාවට දායක විමයි.

මේ අරගලයේ ප්‍රතිඵලයක් ද කියන එකත් මේ අවස්ථාවේ අපට හිතන්න සිදු වෙනවා. මොකද රටේ නීතිය වල් වැදුනාම සමහර කණ්ඩායම් එයින් ප්‍රයෝජන අරගෙන ඒ අයගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න කටයුතු කරනවා. ඒ නිසා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු වී නීතියේ ආධිපත්‍ය රට තුළ පතුරවන්න අවශ්‍ය වටපිටාව හදන්න කටයුතු කරන්න කියලා අප ඉල්ලා සිටිනවා.

දිනමිණ

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago