දේශීය

නව රජයෙන් පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා දෙනවලු

සතියට පැය විස්සක උපරිමයකට යටත් ව වයස අවුරුදු දහසය – විස්ස අතර තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියාවන්හි නිරතවීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු නීති සංශෝධනයට පියවර ගැනීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගනිමින් සිටී.

සියලු රැකියාවන්ට එක හා සමානව ගරු කරන ශ්‍රමයේ ගරුත්වය පිළිබද හැගීමක් නිර්මාණය කිරීම, කිසිදු රැකියාවක් කිසිදු පදනමකින් වෙනස් කොට නොසැලකීමට හුරු කරවීම සහ පාසල් වියේ දී ම තරුණ තරුණියන් වැඩ පරිසරයට හුරුකරවීමත්, එසේ නොවීම කම්කරු ක්ෂේත්‍රයේ මතුව ඇති බොහෝ ගැටලුවලට හේතුව බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී අනාවරණය වී ඇත.

ආයෝජනයට හිතකර ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළ තත්ත්වයන්ට පාසල් වියේ දී ම හුරු කරවීමත්, අධ්‍යාපන කටයුතුවල දී ස්වාධීනත්වයේ අභිමානය තරුණ තරුණියන් තුළ ජනිත කරවීමත් අරමුණු කර ගනිමින් උක්ත සංශෝධන කෙරෙහි අමාත්‍යංශ අවධානය යොමු ව තිබේ.

මෙම වයසේ සිටින තරුණ තරුණියන් හට දිනකට පැය හතරක උපරිමයකට යටත් ව සතියේ දින පහක් හෝ සතියට පැය විස්සක උපරිමයකට යටත් ව සති අන්තයේත් රැකියාවන්හි නිතරවීමට අවකාශ සැලසේ. දැනට හදුනාගෙන ඇති අනතුරුදායක රැකියා කාණ්ඩ හැත්තෑ දෙකෙන් පරිභාහිර ව අවහන්හල්, සුපිරි වෙළෙදසැල්, පිරිසුදු කිරීම් ආශ්‍රිත අර්ධ කාලීන රැකියාවන්හි නිරත වීමට අවස්ථාව සැලසෙන අතර, අදාළ සේවා යෝජකයන් මෙම තරුණ තරුණියන්ට විධිමත් පුහුණුවක් ලබා දීම අනිවාර්යය වේ. කිසිදු අවස්ථාවක ස්ථිර රැකියා අවස්ථාවන් ලබා නොදීමටත්, නිසි පරිදි වැටුප් ගෙවීම්, ආරක්ෂාව සහ ගරුත්වය ලබා දීමත් සේවා යෝජකයාගේ වගකීම වේ. එසේ ම මෙයට අනුරූප ව ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගෙවීම් සම්බන්ධ නෛතික තත්ත්වයන් ද සංශෝධනය කිරීමට කටයුතු කෙරේ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

20 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

20 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago