මාධ්‍ය ආවරණයට ගිය ඡායාරූප ශිල්පියකුත් ආගිය අතක් නෑ
දෙදෙනකු සිටින තැන් පොලිසිය සොයා ගනියි
එංගලන්තයේ බර්මින්හැම්හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ගිය කණ්ඩායමෙන් අතුරුදන්වූ පිරිස 11ක් දක්වා ඉහළ යයි. මේ ක්‍රීඩා උලෙළට පැමිණි කළමනාකරුවෙක්, ක්‍රීඩකයන් 7ක් හා ක්‍රීඩිකාවන් 2ක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අතුරුදන් වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමට බර්මින්හැම් පැමිණි ඡායාරූප ශිල්පියකුද අතුරුදන්වූවන් අතර වේ.
ජූඩෝ කළමනාකරු අසේල ද සිල්වා, ජූඩෝ ක්‍රීඩිකා චමිලා දිලානී මාරප්පුලි, මල්ලවපොර ක්‍රීඩකයන් වන සනිත් චතුරංග, සුරේෂ් චානක ප්‍රනාන්දු, මල්ලවපොර ක්‍රීඩිකා ශ්‍රියන්තිකා නිරෝෂණී, බොක්සිං ක්‍රීඩකයන් වන විටාලිස් නික්ලස්, සංජීව රාජකරුණා, ජීවන්ත විමුක්ති කුමාර, බීච් වොලිබෝල් ක්‍රීඩකයන් වන මලින්ත යාපා හා අශේන් රෂ්මික මෙසේ අතුරුදන්වූවෝ වෙති.
ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමට ශ්‍රී ලංකාවෙන් පැමිණි නිදහස් ඡායාරූප ශිල්පී කණ්ඩුල යටවර මහතා ද ඊයේ සිට අතුරුදන්ව ඇති අතර ඔහු තම සමීප මිතුරෙකුට කෙටි පණිවුඩයක් එවීමෙන් මේ බව තහවුරුවී තිබේ.
මේ පිරිස එංගලන්තයේ රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අතුරුදන් වන්නට ඇතැයි පොලීසිය සැක පළ කොට තිබේ. අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි ක්‍රීඩා ගම්මානයේ පිහිටි පුද්ගලයන් අතුරුදන්වීමේ පොලිස් ඒකකයට, එංගලන්ත මෙට්‍රොපොලිටන් පොලීසියට හා බර්මින්හැම් නගර පොලීසිය වන වෙස්ට් මිඩ්ලෑන්ඩ් පොලීසිය වෙත ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන ඇත. එයින් දෙදෙනෙකු දැනට නවාතැන් ගෙන සිටින ස්ථාන පිළිබඳ තොරතුරු පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
පසුගිය 31දා අතුරුදන්වූ ජූඩෝ කළමනාකරු අසේල ද සිල්වා හා පසුගිය 1දා අතුරුදන්වූ ජූඩෝ ක්‍රීඩිකා චමිලා දිලානී මාරප්පුලි පොලීසිය හඳුනාගත් දෙදෙනා වන අතර, ඔවුන්ට මාස 6ක වීසා බලපත්‍ර ඇති හෙයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම්දී ඇත. මේ දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රය පොලීසිය භාරයට ගෙන තිබෙන අතර, වීසා කාලය ඉකුත්වීමෙන් පසු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පවසා තිබේ.
මේ 2 වැනිදා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදී අතුරුදන් වූ මල්ලවපොර ක්‍රීඩක සනිත් චතුරංගගේ විදෙස් ගමන් බලපත්‍රය ඔහු රැගෙන ගොස් ඇති අතර, 4 වැනිදා අතුරුදන්වූ බොක්සිං ක්‍රීඩක විටාලිස් නික්ලස්ගේ විදෙස් ගමන් බලපත්‍රය කණඩායම් ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතාගෙන් පොලිසිය භාරයට ගෙන තිබේ. 5 වැනිදා අතුරුදන්වූ බීච් වොලිබෝල් ක්‍රීඩකයන් වන මලින්ත යාපාගේ හා අශේන් රෂ්මිකගේ විදෙස් ගමන් බලපත්‍ර ඔවුන් දෙදෙනා රැගෙන ගොස් ඇති අතර, 6 වැනිදා අතුරුදන්වූ මල්ලවපොර ක්‍රීඩක සුරේෂ් චානක ප්‍රනාන්දුගේ හා මල්ලවපොර ක්‍රීඩිකා ශ්‍රියන්තිකා නිරෝෂණීගේ විදෙස් ගමන් බලපත්‍ර දෙක ද පොලිස් පරීක්ෂණ උදෙසා ලබාගෙන ඇත. අවසන්වරට අතුරුදන්වූ බොක්සිං ක්‍රීඩකයන් වන සංජීව රාජකරුණාගේ හා ජීවන්ත විමුක්ති කුමාරගේ ගුවන් ගමන් බලපත්‍ර දෙක ද පොලිස් භාරයේ පවතී.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා නිලධාරීන් 161ක පිරිසක් බර්මින්හැම් වෙත පැමිණි අතර, ඔවුන් අදියර වශයෙන් කොළඹ බලා පිටත් කිරීමට කටයුතු කර තිබිණි. ඊයේ පස්වරුව වෙද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28ක් බර්මින්හැම්වල රැඳී සිටි අතර, ඔවුන් සමාප්ති උලෙළින් අනතුරුව අද කොළඹ බලා පිටත් වේ.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…