Friday, August 14, 2026
Homeදේශීයජනපති සහ ජ.වි.පෙ අතර සාකච්ඡාව හෙට

ජනපති සහ ජ.වි.පෙ අතර සාකච්ඡාව හෙට

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව හෙට (09) පැවැත්වෙන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විටත් පොදු ජන පෙරමුණ සමඟ ආණ්ඩුවක් පිහිටුවා ඇති බවත් එලෙස ආණ්ඩුවක් පිහිටුවා සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කිරීම නිශ්ථල එකක් වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසනවා.

ජනතාවට ජනවරමක් සඳහා අවස්ථාවක් ලබා නොදෙන මෙම ආණ්ඩුවේ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු නොවෙන බවට සිය පක්ෂයේ පැහැදිලි ස්ථාවරය මේ වන විටත් ප්‍රකාශ කර ඇති බව එතුමන් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

READ:   කොවිඩ් නසන්න ආ රාවනා පරපුරේ පැනිය - රිටිගල පැණිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්