Thursday, May 14, 2026
Homeදේශීයකදුකර කොටියාගේ මරණය ගැන විමර්ශනයක්

කදුකර කොටියාගේ මරණය ගැන විමර්ශනයක්

නුවරඑළිය හැටන් ප්‍රදේශයේ ‘ සමර්හිල් වතුයායේ ‘ දී අටවන ලද මද්දකට හසුවීමෙන් ඊයේ (07) කඳුකර කොටියෙකු මිය ගියා. කොටියාගේ මිය යෑම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

වනජවී නිලධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති නම් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවයි වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කර සිටියේ. ඒ අනුව අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත විශේෂ පරික්ෂණ කණ්ඩායමක් මේ වන විටත් හැටන් ප්‍රදේශයේ අදාළ ස්ථානය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

READ:   "අස්වැසුම" දීමනාවේ, නම් නැති අයට රජයෙන් විශේෂ පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්