දේශීය

රටට ඩොලර් එවන අයට විදුලි වාහන ආනයනය කිරීමට අවසර

බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමුකරන විදේශගත ශ්‍රමිකයින්ට සහ විදේශගත ලාංකිකයකයින්ට ගුවන් තොටුපළේ දී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට කටයුතු කරන බවත්, ඉලෙට්‍රික් වාහනයක් ආනයනයට අවසර දෙන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ය.

එහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින්,

විදෙස්ගත ශ්‍රමිකයන් මේ වෙලාවේ එවන මුදල් නිසා තමයි අපිට විශාල වශයෙන් යම් යම් මිලදී ගැනීම් කරන්න ඩොලර් ලබා ගන්න හැකි වෙලා තියෙන්නේ. පහුගිය කාලයේ එවූ මුදල් ප්‍රමාණයේ යම් කිසි අඩුවක් තිබුණත් ජූලි මාසේ වෙද්දී යම් වැඩිවීමක් තියෙනවා. මේ මුදල් නිසා තමයි අපිට තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි අපි මුලින් ම ඉල්ලීමක් කළේ රටේ තියන ප්‍රශ්නය විසදා ගන්න ඔබට පුළුවන් සහයෝගයක් දෙන්න කියලා.

සමහරු උන්ඩියල් හවාලා වැනි ක්‍රම හරහා සල්ලි එවද්දී රටට ආදරේ මිනිස්සු ටික තමන්ගේ ඩොලර්, යෙන්, ඩිනාර් ටික බැංකු හරහා ම එව්වා. ඒ ඩොලර් සංචිත වලින් මේ රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඒ නිසා ම කැබිනට් මණ්ඩලයේ පූර්ණ එකගතාවය මත අපේ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එකතු වෙලා එවන ප්‍රේෂණ වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා.

පළවෙනි යෝජනාව තමයි ගුවන් තොටුපලේ දී හිමි වන තීරුබදු සහනය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීම.

මෙච්චර කාලයකට විදෙස් ගත වෙලා දින අනූවකට අඩුවෙන් හිටි කෙනෙකුට මෙරටට පැමිණීමේ දී ඩොලර් එකසිය අසූහතයි සත පනහක තීරුබදු සහනයක් හිමි වුණා. අවුරුද්දක කාලයක් නම් ඩොලර් හයසිය විසි පහයි. අවුරුද්දකට වැඩි නම් ඩොලර් එක්දහස් හත්සිය පනහයි. ලංකාවට ඩොලර් එව්වත් නැතත් මේ සහනය තියෙනවා.

මේ තීරු බදු සහනය ඒ විදියට ම තියෙන ගමන් දින අනූවකට අඩු කාලය දී ඩොලර් දෙදහස් හාරසීයක් වත් අඩුම තරමේ රටට එවලා තියෙනවා නම් සිල්වර් කැටගරි යටතේ ඩොලර් හත්සිය අසූහතක් විදියට තීරුබදු සහනය ඩොලර් හයසීයකින් වැඩි කරනවා. අවුරුද්දක් නම් නම් එක්දහස් දෙසිය විසි පහක් සහ ඊට වැඩි නම් ඩොලර් දෙදහස් තුනිසිය පනහක් විදියට තීරු බදු සහනය හිමි වෙනවා.

මේ විදියට ම ඩොලර් හාරදහස් අටසීයක් වත් එවලා තියෙනවා නම් 1175, 1585 සහ 2710ක් වෙනවා. 7200ක් එවලා තියෙනවා නම් 1627, 2065, 3190 විදියට වැඩි වෙනවා. ඩොලර් 12000ක් වත් එවලා තියෙනවා නම් ගෝල්ඩ් ප්ලස් කැටගරිය යටතේ ඩොලර් 2587, 3025 සහ 4150ක තීරුබදු සහනයක් හිමි වෙනවා. අවුරුද්දට 24000ක් එවලා නම් 20%ක් වැඩි වෙලා ඩොලර් 4800කින් වැඩි වෙනවා. ඒ අනුව තීරු බදු සහනය අවම වශයෙන් ඩොලර් 4985, 5425 සහ 6550ක් වෙනවා. හැබැයි වෙනදා හම්බවුණු උපරිමය වුණේ 1750ක් විතරයි.

දෙවැනි යෝජනාව තමයි ඕනෑ ම විදෙස් මුදලක් බැංකුවක් හරහා ලංකාවට එව්ව ඕනෑ ම ලාංකිකයෙකුට වාහන ගෙන්වීමේ දී බලපත්‍රයක් ලබා දීම.

රටේ තියෙන තත්ත්වයත් එක්ක දැනට මොනම විදියකට වත් ලංකාවට වාහන ගෙන්වන්න දේනනේ නෑ. දෙවැනි යෝජනාව විදියට විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ම වාහනයක් ගෙන්වීම් බලපත්‍රයක් හදුන්වා දෙන්නේ ඒ නිසයි.

මෙතනදී ඩොලර් 3000ට වඩා තමන්ගේ හෝ ඥාතියකුගේ හෝ ගිණුමකට බැංකුවක් හරහා එවලා තියෙනවා නම් ඒ අයට ඒ එවපු මුදලේ අඩක වටිනාකමට විද්‍යුත් යතුරු පැදියක් බමිලට ගන්න පුළුවන්. ඩොලර් 3000 තමයි අඩුම වටිනාකම. ත්‍රිරෝද රථ සදහා මේ අවසරය නෑ.

ඒ අනුව ඩොලර් 20,000 සිට 65000ක උපරිමය දක්වා විද්‍යුත් වාහන ගෙන්වීමට අවසර දෙනවා. මේ ගෙන්වන වාහන 300-500 අතර ධාවන පරාසසයක විය යුතුයි. සූර්ය බල පද්ධතිය මගින් ආරෝපනය කළ යුතු අතර එය තමන් විසින් ම සකස් කර ගැනීමට හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. ජාතික පද්ධතියෙන් මේ වාහන චාර්ජ් කරන්න දෙන්නේ නෑ.

මෙමගින් රටට ඩොලර් ගෙන්වා ගැනීම වර්ධනය කර ගැනීම සහ විදේශයන්ට ඩොලර් ඇදී යාම අවම කිරීමත්, ප්‍රධාන ධාරාවට බලපෑමක් නොවීමත්, පරිසරය සුරැකිමත් යන ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමටත් අපේක්ෂා කරනවා. ඒ සදහා වන චක්‍රෙල්ඛනය ඉදිරියේ දී නිතුත් කරනවා.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

22 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

22 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago