දේශීය

වාර්ෂාවෙන් බාධා වූ උඩරට දුම්රිය මාර්ගය

වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය මාර්ගයේ නානුඔය ග්‍රේට්වෙස්ටර්න් අතර දුම්රිය මාර්ගයට කඩා වැටි තිබූ විශාල ගල්පර්වතය පැය හයක පමණ වෙහෙසකර තත්ත්වයකින් පසු දුම්රිය මාර්ග අංශයේ සේවකයන් විසින් ඊයේ (2) පස්වරුවේ ඉවත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 

ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඉකුත් ( 1)  වනදා මෙසේ ග්‍රේට්වෙස්ටර්න් කදු මුදුනේ පිහිටි විශාල ගල්පර්වතයක් දුම්රිය මාර්ගයට කඩා වැටී බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය මුලුමනින්ම නතර වී තිබිණ .

 නානුඔය සහ පට්ටිපොළ දුම්රිය මාර්ග අංශයේ දුම්රිය සේවකයන් ඩක්කු.වල නැගී එම ස්ථානයට ලගා වී රේල් පීලි වලින් සාදා ගත් යකඩ ලිවර් යොදා ගනිමින් අතින් තල්ලුකරමින් අධික වර්ෂාවත් මීදුම ,ශීතල තද සුලං පවා නොතකමින් පැය හයක පමණ දුශ්කර කාලයක් වැයකර දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගල්පර්වතය ඉවත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

 මීට අමතරව නානුඔය ග්‍රේට්වෙස්ටර්න් සහ කොටගල නානුඔය අතර දී දුම්රිය මාර්ගයේ තැනින් තැනට පස්කදු ගල්පර්වත කඩා වැටී දුම්රිය ධාවනයට බාධා සිදුව තිබූ බවත් ,එම වැටී තිබූ පස්කදු ගල්පර්වත ඊයේ (2) වනවිටත් ඉවත් කල බවද දුම්රිය බළධාරීන් පැවසූහ . 

දැනට උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය වටවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට කඩා වැටී තිබෙන ගල්පර්වත පස්කදු මේවනවිටත් දුම්රිය මාර්ග අංශයේ සේවකයන් විසින් ඉවත් කිරිමේ කටයුතු සිදු කරගෙන යන බවද උසස් නිලධාරීයකු සදහන් කළේය .

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

7 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago