දේශීය

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රාජාසන කතාවේ සුවිශේෂ කරුණු

නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් ආරම්භ වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිදු කළ කතාවේ වැදගත් කරුණු කිහිපයක් පහතින්,

* කඩිනමින් මේ දේශපාලන අර්බුදය විසඳාගෙන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක වැදගත්කම මම මේ සභාවට යළි යළිත් අවධාරණය කරනවා.

* ඉන්ධන සඳහා ගෙවීම් සමබර කර ගැනීම සඳහා තෝරාගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙන අතර ඉන්ධන සැපයීම සීමා කරන්න සිදුවෙනවා.

* යළි නැගී සිටීමේ මුලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ අතර මුලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.

* ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැළසුම් දැන් අවසන් අදියරට පැමිණ තිබෙන අතර නොබෝ දිනකින් අප ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරනවා.

* ඉදිරි වසර 25 සඳහා අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන අතර දිළිඳු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැක බලා ගනිමින් සහ ව්‍යවසායකයන් දිරිමත් කරමින් නිර්මාණය කරන්නා වූ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට අවශ්‍ය පදනම සකස් කරනවා.

* 2025 වන විට ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කරගැනීම අපේ ඉලක්කයයි.

* විදේශ ප්‍රතිපත්තියේ අස්ථාවරත්වය නිසා අපට ජාත්‍යන්තර තලයේ බොහෝ අවාසි සහ පසුබෑම් සිදු වූ අතර මම ඔබ සැමත් සමග එක්වී මේ තත්ත්වය වෙනස් කරනවා.

* සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම මම පිළිගන්නවා.

* මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලන්න උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවෙයි.

* දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ආරම්භයක් ලෙස 19 වන සංශෝධනයේ තිබු සියලුම සාධනීය අංගයන්ද අන්තර්ගත කොට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

* මා කළිනුත් සඳහන් කළ පරිදි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු වහාම ස්ථාපිත කිරීමට පියවර ගන්නා අතර . ඒ කමිටු මඟිනුත් සියලු දේශපාලන පක්ෂවලට රාජ්‍ය පාලනයට සම්බන්ධ වී එකට එක්ව වැඩ කිරීමේ අවකාශ උදාවෙනවා.

* ඒ වගේම දේශපාලන පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවීමට මම ක්‍රියා කරනවා.

*අල්ලස, දූෂණය හා වංචාව මේ සමාජයෙන් මුලුමනින්ම තුරන් කිරීමත් අනිවාර්යය කාරණයක්. අල්ලස් හා දූෂණ මැඩලීමේ ජාතික ප්‍රතිපත්තියක් මම ක්‍රියාවට නංවනවා.

*සිදු කළ යුතු සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කවරේදැයි තීරණය කිරීම උදෙසා ජනසභාවක් ස්ථාපිත කිරීමට මා පියවර ගන්නවා. දේශපාලන පක්ෂ විවිධ සංවිධාන සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියළු පුද්ගලයින්ගේ අදහස් විමසීමේ යාන්ත්‍රණයක් ජන සභා ඔස්සේ සකස් කරනවා. මේ සඳහා අදහස් ලබා දෙන මෙන් අරගලයට සම්බන්ධ වුණ තරුණ පරපුරටත් සම්බන්ධ නොවුන තරුණ පරපුරටත් මම විශේෂයෙන් ආරාධනා කරනවා.

උපුටා ගැනීම

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

6 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago