දේශීය

තඩි අලියා චූටි මීමැස්සට බයයිලු

අලි මිනිස් ගැටුම බේරන්න මීමැස්සෝ මැදිහත් වෙති.!!! තඩි අලියා චූටි මීමැස්සට බයයිලු. මී මැස්සන්ගෙ සද්දෙ ඇහුනම අලි දුවනවලු. වැටක් වගේ ඈතින් ඈතින් මීමැසි ජනපද තියල ඒව ලනුවකින් සම්බන්ධ කරල තියෙන්නෙ. අලි ඇවිල්ල ලනුව හෙල්ලුනාම මී මැස්සො එලියට එනව. අලි පස්ස නොබල දුවනව. අලින්ට දේවල් හොඳට මතක තියෙන හන්ද ආයෙ මේ පැත්තට එන්නෙත් නෑලු.

අක්කර දෙකක් වටකරන්න ජනපද 15යි ඕනෙ. මේ මී මැස්සො හින්ද පරාගණේ වැඩිවෙලා වගා 30%කින් විතර වැඩි වෙනව. ඒ මදිවට අමතර ආදායමක් විදියට මීපැණිත් ලැබෙනව. මේ වැඩේ සාර්ථකත්වෙ බලන්න කරපු වස්ගමුව, වෙහෙරගල elephants and bees ව්‍යාපෘතියෙ research assistant තමයි මේ සුපුන් හේරත්.

කන්න නැතුව ගම් වදින අලින්ට මිනිස්සු වෙඩි තියනව. ගින්දර බෝම්බ,හක්ක පටස්, වස තියනවා. අලි හින්ද මිනිස්සුන්ගෙ වගා, ගෙවල්, ජීවිත හානි වෙනව. අලි මිනිස්සුත් දෙගොල්ලම බේරගන්න අප්‍රිකාවෙ සාර්ථක වෙච්චි මේ වැඩේ ලංකාවෙත් සාර්ථක වෙලා ප්‍රචලිත වුනොත් නියමයි නේද?

මේකට සම්බන්ධ වුනු Dr lucy king, Kylie Butler, Chandima Fernando, Ravi Corea, Chinthaka Weerasinghe, Zaineb Akbarally, Jessica Van Fleteren, Rebecca Sargent, Robin Cook, as well as to everyone from SLWCS, Sarath Kumara, Dananja Kumara, Indika Sampath ට ස්තූතිය හිමිවෙනව.

උපුටා ගැනීමකි.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago