දේශීය

ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදයක – ජනාධිපති

ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  මෙම තත්වය හමුවේ ඇණහිට තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමෙන් පසු අවසන් කිරීමට හැකිවන බවද ජනාධිපතිතුමා අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකශ කර ඇත

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී සඳහන් කර ඇත්තේ දැනටමත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහළම මට්ටමට පැමිණ ඇති බවත්, ආර්ථිකය යාථා තත්වටය ගෙන ඒමට හැකිවූවද එම ඉලක්කයට ලගා වන වේගය මත  සියල්ල රඳා පවතින බවයි.  ඉහළ උද්ධමනය,  ඉන්ධන හා ගෑස් සඳහා පවතින පෝලිම් තවත් මාස කිහිපයක් ශ්‍රී ලාකිංකයින්ට අත්විඳීමට සිදු විය හැකි අතර ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය කැපී පෙනෙන ලෙස දියුණු විය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත. 

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා අගෝස්තු මස අවසානයේ දී එකඟතාවයකට එළඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවද ඔහු පවසයි. ඒ සඳහා ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ද්වීපාර්ශවික ණය හිමියන් අතර තවදුරටත් සාකච්ඡා සිදු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා දීමට නම් ප්‍රාථමික මට්ටමේ එකඟතාවයන් සඳහා එම අරමුදලේ අනුමැතිය හිමි වියයුතු අතර ඊට මාස කිහිපයක කාලයක් ගත වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  එමෙන් ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දිවයිනට පැමිණීමට හොඳම අවස්ථාව මෙය නොවන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ ආගමනය හරහා යළිත් වරක් දේශපාලනික අර්බුදයක් ඇති විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. 

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago