දේශීය

ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදයක – ජනාධිපති

ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  මෙම තත්වය හමුවේ ඇණහිට තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමෙන් පසු අවසන් කිරීමට හැකිවන බවද ජනාධිපතිතුමා අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකශ කර ඇත

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී සඳහන් කර ඇත්තේ දැනටමත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහළම මට්ටමට පැමිණ ඇති බවත්, ආර්ථිකය යාථා තත්වටය ගෙන ඒමට හැකිවූවද එම ඉලක්කයට ලගා වන වේගය මත  සියල්ල රඳා පවතින බවයි.  ඉහළ උද්ධමනය,  ඉන්ධන හා ගෑස් සඳහා පවතින පෝලිම් තවත් මාස කිහිපයක් ශ්‍රී ලාකිංකයින්ට අත්විඳීමට සිදු විය හැකි අතර ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය කැපී පෙනෙන ලෙස දියුණු විය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත. 

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා අගෝස්තු මස අවසානයේ දී එකඟතාවයකට එළඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවද ඔහු පවසයි. ඒ සඳහා ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ද්වීපාර්ශවික ණය හිමියන් අතර තවදුරටත් සාකච්ඡා සිදු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා දීමට නම් ප්‍රාථමික මට්ටමේ එකඟතාවයන් සඳහා එම අරමුදලේ අනුමැතිය හිමි වියයුතු අතර ඊට මාස කිහිපයක කාලයක් ගත වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  එමෙන් ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දිවයිනට පැමිණීමට හොඳම අවස්ථාව මෙය නොවන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ ආගමනය හරහා යළිත් වරක් දේශපාලනික අර්බුදයක් ඇති විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. 

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

9 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

9 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

22 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

22 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

22 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago