දේශීය

අද සිට QR පමණයි

අද (01) දා සිට QR ඉන්ධන අවසරපත්‍රය අනුව පමණක් දිවයින පුරා ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මෙතෙක් ඉන්ධන ලබා දීම සඳහා භාවිත කළ අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන සැපයීම, ටෝකන් ක්‍රමය ආදී.. සියලු ඉන්ධන ක්‍රමවේදයන් අත්හිටුවා ඇත.

තම වාහනයට අදාල QR කේතය පෙන්වා ඉන්ධන ලබා ගැනීමේ හැකියාව අද සිට ක්‍රියාත්මක අතර එහිදී වාහන පන්තිය අනුව වාහනයට සතියක් සඳහා නිකුත් කරණු ලබන ඉන්ධන ප්‍රමාණය පමණක් නිකුත් කරණු ලබයි. එම ඉන්ධන ප්‍රමාණය ලබාගැනීම සඳහා සතියක කාලයක් වලංගු වන අතර සතියක් තුළ කැමති දිනයක දී ඉන්ධන හළ වෙත පැමිණ තමන්ගේ ඉන්ධන ප්‍රමාණය ලබා ගත හැකි වෙයි.

ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණෙන වාහන හිමියන් රට තුළ උත්ගතව ඇති නව කොවිඩ් – 19 හේතුවෙන් මුහුණු ආවරණ පැළඳ පැමිණෙන ලෙස ඛණිජ තෙල් බෙදාහරින්නන් ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago