දේශීය

“ආර්ථික දුෂ්කරතා නිසා ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය 30%කින් ඉහළට”

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවට මුහුණ පා සිටින කාන්තාවන්ගෙන් බහුතරයක් රෙදිපිළි අංශයේ රැකියා අහිමි වීම හේතුවෙන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමට තල්ලු කර ඇතැයි ANI පුවත් සේවය පවසයි.

එම පුවත් සේවය පෙන්වා දෙන්නේ, රටේ පෙර නොවූ විරූ අර්බුදය හමුවේ මිලියන 22ක ශ්‍රී ලාංකිකයන් දැවැන්ත දුෂ්කරතා සහ දරිද්‍රතාවයට මුහුණ දී සිටින බව ය. එමෙන් ම, රටේ වත්මන් තත්ත්වය විසින් ගෙන ලද එන දුෂ්කරතා බොහෝ පවුල් අන්තයට තල්ලු කර ඇති බව ANI වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ දෛනික අරගල සමග තම නිවෙස් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව ANI පුවත් සේවය සඳහන් කර ඇත.

ANI වාර්තාවේ දැක්වෙන්නේ, මෙම භයානක තත්ත්වය හේතුවෙන් රට පුරා තාවකාලික ගණිකා මඩම් බිහි වී ඇති බව ය.

ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන කණ්ඩායමක් වන Stand-up Movement Lanka පවසන පරිදි, ජීවනෝපාය සඳහා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ලිංගික ශ්‍රමිකයන් වීමට බල කෙරෙන බැවින් පසුගිය මාස කිහිපය තුළ ගණිකා වෘත්තියේ සියයට 30 කින් වැඩි වීමක් දක්නට ලැබී තිබේ.

මෙම ආයතනවලින් සමහරක් ස්පා සහ සුවතා මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන බව ANI පුවත් සේවය වාර්තා කර ඇති අතර තම පවුලට දිනකට ආහාර වේලක් ලබා දීමට ඇති එක ම මාර්ගය මෙය බව බොහෝ අය පවසන්නේ යැයි ද එම පුවත් සේවය වාර්තා කර ඇත.

“ආර්ථික අර්බුදය හේතුවෙන් සේවයෙන් පහකිරීමෙන් පසු රෙදිපිළි කර්මාන්තයේ නියැලෙන කාන්තාවන් ‘ලිංගික රැකියා’ සඳහා යොමුවෙමින් සිටිනවා,” SUML හි විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙණිය ANI වෙත ප්‍රකාශ කර තිබේ.

“දැනට පවතින අර්බුදය නිසා බොහෝ කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදෙන බව අපට පෙනී ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් රෙදිපිළි කර්මාන්තයේ නියැලෙන්නන්. කොවිඩ්වලින් පසු රෙදිපිළි කර්මාන්තයට බලපෑම් එල්ල වී රැකියා විශාල ප්‍රමාණයක් රැකියා කපා හැර ඇති අතර දැන් පවතින තත්ත්වය ඔවුන් ලිංගික ශ්‍රමිකයින් බවට පත් වීමට පොළඹවමින් සිටිනවා”, ඇය සඳහන් කර ඇත.

21 හැවිරිදි රෙහානා (නම වෙනස් කර ඇත) රෙදිපිළි කර්මාන්තයේ සේවිකාවකගේ සිට ලිංගික සේවිකාවක් බවට පත් වූ ආකාරය පිළිබඳ ඇගේ කතාව ANI සමග ප්‍රකාශ කර තිබේ. රෙහානාට මාස හතකට පෙර රැකියාව අහිමි වී ඇති අතර මාස ගණන් බලාපොරොත්තු සුන්වීමෙන් පසු ඇය ගණිකා වෘත්තියේ නියැලී ඇත.

“පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ රෙදි කම්හලක රස්සාව නැති වුණා. ඊට පස්සේ මට දෛනිකව වෙනත් රැකියාවක් ලැබුණා. සමහර වෙලාවට මිනිස් බලය අඩු වුණා ම මම ගිහින් වැඩ කළා. ඒත් මට කලින් විධියට සල්ලි ගන්න බැරි වුණා. ඒක නිතිපතා ලැබුණේ නැහැ. මගේ සහ පවුලේ අවශ්‍යතා ඉටු කිරීමට ත් ඒ මුදල ඉතා මදි වුණා. ඉන්පසු ස්පා හිමිකරුවෙකු මා වෙත ආවා. පවතින ප්‍රශ්න නිසා මං ලිංගික ශ්‍රමිකයෙකු ලෙස වැඩ කිරීමට තීරණය කළා. මගේ මනස ඒක පිළිගන්න අකමැති වුණා. නමුත් මට මගේ පවුලට මුදල් අවශ්‍ය වුණා,” ඇය ANI වෙත ප්‍රකාශ කර තිබේ.

හතළිස් දෙහැවිරිදි රෝසි (නම වෙනස් කර ඇත) ලිංගික ශ්‍රමිකයෙකු බවට පත් වූ තවත් අයෙකි.

ANI පුවත් සේවය වාර්තා කරන්නේ, සත් හැවිරිදි දරුවෙකුගේ මවක් වූ ඇය දික්කසාද වී ඇති අතර දියණියගේ අධ්‍යාපනයට හා කුලී සඳහා ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීමට ඇයට සිදු වූ බව ය.

“ආර්ථික අර්බුදය නිසා ආදායම මදි. පවුලේ ගෙදර අවශ්‍යතාවලට සල්ලි මදි. ඒකයි මම මේක තෝරගත්තේ. මම කඩයක් පවත්වාගෙන යනවා. ඒක පවත්වාගෙන යන්න සල්ලි ගෙවන්න වෙනවා. මේ ප්‍රශ්නය නිසා දැන් ගොඩක් ගණිකාවෝ ඉන්නවා,” ඇය ANI වෙත ප්‍රකාශ කර ඇත.

මසකට රුපියල් 20,000ත් 30,000ත් අතර මුදලක් උපයන ගැහැණු ළමයින් සහ කාන්තාවන් දිනකට රුපියල් 15,000-20,000ක් පමණ ලබා ගැනීම ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමට විශාල හේතුවක් යැයි විශ්වාස කරන බව ANI පුවත් සේවය වාර්තා කර තිබේ.

SUMLහි විධායක අධ්‍යක්ෂවරිය වැඩිදුරට ත් ANI පුවත් සේවය සමග ප්‍රකාශ කර ඇත්තේ, බොහෝ ලිංගික ශ්‍රමිකයින් තම සහකරුවන් සමග ජීවත් වීමට පටන් ගත් නමුත් අර්බුදය හේතුවෙන් එම සහකරුවන් බොහෝ කාන්තාවන් හැර ගොස් ඇති බව ය.

එයින් බොහෝ දෙනෙකු ගැබ් ගෙන ඇති අතර දැනට තම සංවිධානය සමග එවැනි ගැබිණි ගැහැණු ළමයි දෙදෙනෙකු සිටින බව ත්, ඔවුන් රැක බලා ගැනීම සඳහා රජයෙන් හෝ සහයක් නොලැබෙන බව ත් ඇය ප්‍රකාශ කර ඇත.

මීට පෙර ANI සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්දිකි ප්‍රකාශ කර ඇත්තේ, මෙරට මිලියන 6.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ය.

නිදහසින් පසු රටේ ආර්ථිකය මේ වන විට දරුණුතම ආහාර අර්බුදයට මුහුණ දී සිටින බව ත් ඉදිරි මාස කිහිපය තුළ අදහාගත නොහැකි උද්ධමනය දුරට ත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ත් ඔහු ප්‍රකාශ කර තිබේ.

“ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටිනවා. ජූනි මාසය වන විට ආහාර උද්ධමනයේ අනුපාතය සියයට 80 ඉක්මවන අතර ඉදිරි මාසවලදී මෙම ප්‍රවණතාව ඉහළ යනු ඇත,” සිද්දිකි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව ඉන්ධන, ආහාර සහ විදේශ විනිමය සම්බන්ධයෙන් උග්‍ර හිඟයකට මුහුණ දී සිටින අතර වඩා ත් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින මෙම දූපතේ ජනතාව බලාපොරොත්තු වන්නේ, ජාත්‍යන්තර අරමුදල මගින් හෝ සහයක් ලැබෙනු ඇති බව යැයි ANI පුවතත් සේවය වැඩිදුරට ත් වාර්තා කර තිබේ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Recent Posts

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තුන්දෙනෙකුට අධිචෝදනා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…

19 hours ago

හොරණ තක්ෂිලාවට වසර 80යි – ‘Ultimate 80’ දැවැන්ත සැමරුම් සහ ප්‍රදර්ශන මාලාවක්

හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…

19 hours ago

සරත් ෆොන්සේකා පිල්ලයාන්ට අවි ලබාදුන්නා යැයි කියන්න පිල්ලයාන්ට දුන්න උපදෙසක් ගැන ෆොන්සේකාගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක්.

සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් 400කට අධික අවි තොගයක් සැපයීම එවකට හමුදාපතිව සිටි…

23 hours ago

තවත් මෙට්‍රො බස් රථ 104ක් ශ්‍රී ලංකාවට

FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් බීජිං නුවර ෆෝටෝන්…

24 hours ago

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් කොරියාවේ දී ජාත්‍යන්තර සම්මාන හතරක්

2026 ජූනි 4 සිට 7 දක්වා දකුණු කොරියාවේ සෝල් නුවර COEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති 41…

1 day ago

රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් 2ක් අරන්?? – ගෝඨාගේ හිටපු ලේකම් සුගීෂ්වර රිමාන්ඩ් භාරයට ගිය සම්පූර්ණ විස්තරේ.

විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු වශයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයාව සිටිය දී ජනාධිපති කාර්යාල‍යේ…

1 day ago