දේශීය

විරෝධතාකරුවන් මර්දනය නැවැත්වීමට පැතුම් කර්නර් ජාත්‍යන්තරයේ සහය පතයි

පහුගියදා අත්තඩංගුවට ගත් සමාජ ක්‍රියාකරුවෙකු වන පැතුම් කර්නර් විසින් මෙරට සිදුවන විරෝධතාකරුවන් මර්ධනය නැවැත්වීම සඳහා ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලා සිටින විඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

මෙරට ජනතාව ඇතිවී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මාස 3 ක කාලයක් සාමකාමී අරගලයක් පවත්වා ගෙන ගිය බවත් එවකට රජය ජනතාවගේ එම විරෝධය නොසලකා හැරිය බවත් ඒ හේතුවෙන් ජනතාව පාරට බැස හිටපු ජනාධිපතිවරයා ඉවත් කළ බවත් නිවේදනයේ සඳහන් වනවා.එලෙස ජනතා අරගලයේ එක් කඩයිමක් සාර්ථකව නිමා කිරීමට දායකත්වය දැක්වූ විරෝධතාකරුවන් අත්තඩංගුවට ගැනීමට ව්‍යවස්ථානූකූලව පත්වූ ජනාධිපතිවරයා හදිසි නීතිය ද යොදාගනිමින් කටයුතු කරමින් සිටින බව ඔහු අවධාරණය කර සිටිනවා.

විරෝධතාකරුවන් කළ සියලු ක්‍රියා පැවැති රජය ජනතාවගේ ගැටළු වලට කන්නොදීම නිසාත් ඔවුන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වෙන විකල්පයක් නැති නිසාත් කළ ක්‍රියා පමණක් වන බවද ඔහු විසින් පෙන්වා දෙන අතර පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කිරීමේ දී , විරෝධතා කරුවන්ට සමාව ලබා දී සමාජය නිවෙන්නට හරින ලෙස ඉල්ලා සිටින ලෙසද ඔහු ඉල්ලීම් කර සිටිනවා.

පැතුම් කර්නර් අත්තඩංගුවට ලක්වීමට පෙර පටිගත කර ඇති මෙම වීඩියෝ පටය ඔහුගේ සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් විසින් පළ කර තිබුණා.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

22 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

22 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago