පහුගියදා අත්තඩංගුවට ගත් සමාජ ක්‍රියාකරුවෙකු වන පැතුම් කර්නර් විසින් මෙරට සිදුවන විරෝධතාකරුවන් මර්ධනය නැවැත්වීම සඳහා ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලා සිටින විඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.
මෙරට ජනතාව ඇතිවී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මාස 3 ක කාලයක් සාමකාමී අරගලයක් පවත්වා ගෙන ගිය බවත් එවකට රජය ජනතාවගේ එම විරෝධය නොසලකා හැරිය බවත් ඒ හේතුවෙන් ජනතාව පාරට බැස හිටපු ජනාධිපතිවරයා ඉවත් කළ බවත් නිවේදනයේ සඳහන් වනවා.එලෙස ජනතා අරගලයේ එක් කඩයිමක් සාර්ථකව නිමා කිරීමට දායකත්වය දැක්වූ විරෝධතාකරුවන් අත්තඩංගුවට ගැනීමට ව්‍යවස්ථානූකූලව පත්වූ ජනාධිපතිවරයා හදිසි නීතිය ද යොදාගනිමින් කටයුතු කරමින් සිටින බව ඔහු අවධාරණය කර සිටිනවා.
විරෝධතාකරුවන් කළ සියලු ක්‍රියා පැවැති රජය ජනතාවගේ ගැටළු වලට කන්නොදීම නිසාත් ඔවුන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වෙන විකල්පයක් නැති නිසාත් කළ ක්‍රියා පමණක් වන බවද ඔහු විසින් පෙන්වා දෙන අතර පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කිරීමේ දී , විරෝධතා කරුවන්ට සමාව ලබා දී සමාජය නිවෙන්නට හරින ලෙස ඉල්ලා සිටින ලෙසද ඔහු ඉල්ලීම් කර සිටිනවා.
පැතුම් කර්නර් අත්තඩංගුවට ලක්වීමට පෙර පටිගත කර ඇති මෙම වීඩියෝ පටය ඔහුගේ සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් විසින් පළ කර තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…