Wednesday, July 22, 2026
Homeදේශීයනිවාස සිය ගණනක් විනාශයි

නිවාස සිය ගණනක් විනාශයි

අමෙරිකාවේ නැගෙනහිර කෙන්ටාකි පළාතේ පෙරේදා හටගත් හදිසි ගංවතුර තත්ත්වය නිසා අවම වශයෙන් පුද්ගලයන් අට දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සංඛ්‍යාව දෙගුණයක් දක්වා ඉහළ යනු ඇතැයි ද අනුමාන කර තිබේ. මේ ව්‍යසනයෙන් නිවාස සිය ගණනක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබේ.

එරට ජාතික කාලගුණ සේවයට අනුව බටහිර වර්ජිනියා සහ නිරිතදිග වර්ජිනියා පළාත්වලට ඊයේ තවත් ගංවතුර තත්ත්වයක් සිදු වීමට වැඩි ඉඩකඩ මතු වී ඇති බවකි. කෙන්ටාකි නුවර ගංවතුරට හසු වූ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

READ:   ශ්‍රී ලංකා තරගයේදී ඇෆ්ගනිස්ථානය කළ වරදක්, ICCය දකී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්