දේශීය

අරගලය ගාලුමුවදොරින් ඔබ්බට – Black Cap Movement

Black Cap Movement අරගලය ගාලුමුවදොරින් ඔබ්බට ගෙන යන ‘අරගලය 4.0’ අරඹයි! 2022 මාර්තු මස 01 දා කොහුවල මං සන්ධියේ දී ඉටි පන්දම් දල්වමින් අප ඇරඹූ සාමකාමී අරගලය සඳහා මූලිකම හේතුව වූයේ ශ්‍රී ලංකාවේ සමාජ දේහය වසා පැතිරුණු ආර්ථික හා සමාජීය අර්බුදයත් එම අර්බුදය සඳහා විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය තුළින් අපොහොසත් වීමත් ය. මේ හේතුවෙන් උඩුදුවන ලද ආර්ථික සමාජ අර්බුදය දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වෙද්දී එතෙක් සමාජ මාධ්‍ය ඔස්සේ පැවති #GotaGoHome විරෝධය පුරවැසි විරෝධයක් ලෙස මහපාරට රැගෙන ඒම සඳහා අවිහිංසාවාදී නව අරගල මාදිලියක් හඳුන්වා දීමට අපට අවශ්‍ය විය. ඒ අනුව අවිහිංසාවාදී නිහඬ විරෝධතා අරගලයේ නව හැඩයක් ලෙස (Micro Protests) කොහුවලින් ආරම්භ කරන ලද අතර එය සීඝ්‍ර ලෙස අනෙකුත් පළාත් කරා ද ව්‍යාප්ත විය.

ආර්ථික සමාජ අර්බුදය හමුවේ සිය අභිලාශ යථාර්ථයක් කරගනු නොහැකිව ඉච්ඡාභංගත්වයට පත් පුරවැසියන්ගේ සාමූහික අවිඥානය තුළ #GotaGoHome සටන් පාඨය යථාර්ථයක් කරනු වස් තිර අධිෂ්ඨානයක් ඇති කිරීමට, නගර ගම් දනව් පුරා පැතිර ගිය නිහඬ විරෝධතාවයන් ට හැකි විය. එමෙන්ම මැයි 09 වන දාට පසුව එළඹි අරගලයේ දෙවෙනි වටය සඳහා ද ‘කුස්සියේ විලාපය‘ විරෝධය තුළින් මධ්‍යම පාංතික කාන්තාවන් අරගලය කරා කැඳවීමට මෙම අවිහිංසාවාදී අරගල ආකෘතියට හැකිවිය.

අප්‍රේල් නව වනදා ‘ගාලුමුවදොර’ අරගලයේ සංඛේතීය ප්‍රකාශනය වූ පසුව ද අවිහිංසාවාදී අරගල ආකෘතියක් තුළින් පුරවැසියන්ට ලබා ගත හැකි ජයග්‍රහණ කෙතෙක් ද යන්න පිළිබඳව ලෝකයට බොහෝ උදාහරණ සපයා ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. මේ රටේ විධායක ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අපේ පරම්පරාව ආරම්භ කරන ලද ‘Gota Go Home’ අරගලය මේ වනවිට සංඛේතීයව ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ‘Gota Go Home’ සටන් පාඨය යථාර්ථයක් වී ඇත. දැන් අපට ඉතිරිව ඇත්තේ ‘Gota Go Home’ නැමති සටන් පාඨය සමඟ අප එකඟ වූ අප්‍රකාශිත එකඟතාවයන් ජයග්‍රහණය කරවීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහා නව මානයක අවිහිංසාවාදී අරගලයක් ආරම්භ කිරීමයි.

අප්‍රේල් මස 12 වන දා සිට මැයි 12 වනදා වනතෙක් ගාලුමුවදොර අරගලභූමියේ පාර්ශව ගණනාවක් එක්ව සාකච්ඡාවට ගණනාවක් පවත්වා පුළුල් සංවාද ක්‍රියාවලියක් තුළින් එලිදක්වන ලද ‘ගාලුමුවදොරින් ඔබ්බට’ යෝජනා මාලාවේ එකී අප්‍රකාශිත එකඟතාවයන් සහිත අවම පොදු යෝජනාවලිය පැහැදිලිව සඳහන් කර තිබේ. අපගේ අරගලය මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ එකී ප්‍රතිසංස්කරණයං දිනාගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් සිවිල් සමාජය සහ දේශපාලන සමාජය සමඟ එක්ව පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් කරා යාමට අප අදහස් කරයි.

එකී අරගලය අප ‘අරගලය 4.0’ ලෙස නම් කරමු. ගාලුමුවදොර අරගලයේ සංඛේතීය ජයග්‍රහණය අප අත්පත් කර ඇති නිසා තවදුරටත් එම භූමිය තුළ හිඳිමින් අපට සිදුකල හැකි අරගලයක් නොමැති බව අපගේ විශ්වාසයයි. මෙතැන් සිට අරගලය ඇත්තේ ගාලුමුවදොර කුඩා බිම්කඩක නොව පුළුල් සමාජ දේශපාලන අවකාශයක් තුළ බව අප දැඩිව විස්වාස කරමු. එම නිසා එකී අරගලයට පණ පොවනු වස් ගාලුමුවදොර බිම්කඩ තුළ අපගේ දායකත්වය අදින් අවසන් කරන බව මෙයින් නිවේදනය කර සිටිමු.

අරගලයට ජය!

අදාල නිවේදනය පහතින්

උපුටා ගැනීම – සමාජ මාධ්‍යයෙන්

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago