
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගත් අතර එහිදි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට පනවා තිබූ විදේස් ගමන් තහනම අගෝස්තු 2 දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියා. ශ්‍රි ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණුකර තිබුණා.


