Thursday, April 23, 2026
Homeදේශීයසාමකාමී, ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතියතහවුරු කරනවා

සාමකාමී, ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතියතහවුරු කරනවා

සාමකාමීව,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යළි තහවුරු කරයි. පසුගිය සිකුරාදා (22) රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග කොළඹ දී පැවති හමුවේ දී ජනාධිපතිතුමා මෙම ස්ථාවරය ප්‍රකාශ කළේය. නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටී විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබුණි . සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යන දෙකම වත්මන් රජය විසින් තහවුරු කරන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපළ වෙනත් අරමුණු සඳහා භාවිතා කිරීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදිය යුතු බවට ඇමරිකානු සිවිල් නිදහස් සංගමය ලබා දුන් උපදෙස්වල සඳහන් බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය .දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරය තුළ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ දැනුවත් කෙරිණි. විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය වැනි කොළඹ බල ප්‍රදේශය තුළ පිහිටි පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා ලබා දෙන ලදී.

GotaGoGama විරෝධතා අඩවිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ කරුණු අසත්‍ය බවත්, එය ආරක්ෂක අංශ විසින් ඉවත් කර නොමැති බවත් මෙහිදී පැහැදිළි කෙරිණ. තවද, පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළුව අනුගමනය කරන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳවද නීතිපතිවරයා විසින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු දැනුවත් කරන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශය

2022-07-24

උපුටා ගැනිම

READ:   ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවි සැරිය නිමා කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්