Tuesday, June 9, 2026
Homeදේශීයරනිල් යනු අර්බුදයේ කොටස්කරුවෙක් - හරිනි අමරසූරිය

රනිල් යනු අර්බුදයේ කොටස්කරුවෙක් – හරිනි අමරසූරිය

රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරු හා සමානව වත්මන් අර්බුදයේ කොටස් කරුවෙකු වන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය BBC නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මෙලෙස අදහස් පළ කර සිටියා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ජන මතයට කන් දෙන නායකයෙකු නොවන බවත් ඔහු සිදු කරන්නේ ඔහුට අවශ්‍ය දේ පමණක් වන බවත් හරිනි අමරසූරිය පෙන්වා දෙනවා. ජනමතයට හිස නොනමන එවැනි පාලකයෙකුගෙන් කිසිසේත් ජනතාව ඉල්ලන වෙනස බලාපොරොත්තු විය නොහැකි බවයි එතුමිය පවසන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති විම යනු එළියේ ජනතාවගේ ජනමතය නියෝජනය වීම නොවන බවද ඇය අවධාරණය කර සිටියා.

READ:   ශ්‍රී ලංකාව 2023 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්