Monday, July 27, 2026
Homeදේශීයගෝඨාභය යළි දිවයිනට

ගෝඨාභය යළි දිවයිනට

රටින් පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති සමීප ආරංච් මාර්ග හරහා අනාවරණය වී තිබෙනවා. ඒ අනුව ලබන මාසයේ අග හෝ සැප්තැම්බර් මුල යළි මෙරටට පැමිණීමට නියමිත වන බවයි දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන The Leader විසින් කරුණු වර්තා කර සිටියේ. මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපතිවරයා මෙම මස අවසන් සතියේ සෞදි අරාබිය බලා පෞද්ගලික සංචාරයකට පිටත්ව යෑමට නියමිත වන බවත් එහි සති කිහිපයක් ගත කර අනතුරුව මෙරටට පැමිණීමට නියමිත බවත් සඳහන් වනවා. ව්‍යස්ථානූකූලව කොළඹ අවටින් නිවස සහ පූර්ණ ආරක්ෂාව සහිත කාර්ය මණ්ඩලය හිමි වන බැවින් මේ වන විටත් ඒ සඳහා කොළඹ අවටින් රජයේ නිවසක් සොයා බලමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

READ:   නිදහස් දිනය වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්