දේශීය

ගාලු මුවදොරහී සිටි විරෝධතාකරුවන්ට බලධාරින් විසින් පහර දීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකියි – Saliya Pieris

ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබේ. එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළ නීතීඥවරුන් කිහිප දෙනෙකුම බලධාරින් විසින් වළකා ඇත. තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත දන්වා ඇත. නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශනවල දැක්වේ.

අවම වශයෙන් එක් නීතීඥයෙකු සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ත්‍රිවිධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත තොරතුරු ලැබී ඇත. සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන මෙම ක්‍රියාවන් වහාම නතර කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී.

නීතියේ ආධිපත්‍යයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරන බවට සහතික වන ලෙසට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ඔහුගේ රජයෙන් ඉල්ලා සිටී. නව ජනාධිපතිවරයා බලයට පත් වූ පළමු දිනයේදීම සිවිල් විරෝධතා මැඩපැවැත්වීම සඳහා සන්නද්ධ හමුදාවන් යොදා ගැනීම අපේ රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී. මෙම ක්‍රියාවන්ට නියෝග දුන් අය ඇතුළුව සම්බන්ධ වූ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගකීම ගතයුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago