ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවේ ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩපිළිවෙල අනුව ශ්‍රි ලංකාව කටයුතු කළොත් තව මාස තුන හතරක පමණ කාලයක් තුලදී මෙරට ආර්ථික අර්බුදය දුරලා ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගිය හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මෙරට ආර්ථිකය යළි ගොඩනැන්වීම සඳහා වඩාත් සාර්ථක වැඩපිලිවෙලක් හා දැක්මක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුවන බව පවසන එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ණය වැඩසටහන සඳහා වන එකඟතාවය කඩිනමින් පැමිණිය හැකි බව CNN නාලිකාව සමඟ සජීවී සංවාදයකට සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටියා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…