Tuesday, April 21, 2026
Homeදේශීයමේ මොහොතේ රටට දූරදර්ශී නායකයන් අවශ්‍යයි

මේ මොහොතේ රටට දූරදර්ශී නායකයන් අවශ්‍යයි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. මේ වන විට රට මුහුණ දි ඇති තීරණාත්මක අවස්ථාවේ රටට දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් අවශ්‍ය කරන බව එතුමිය ප්‍රකාශ කර සිටිනවා. රටේ ජනතාවගේ අපෙක්ෂාවන් ඉටු කිරීමට නමි දේශපාලන නායකයන් සහ සිවිල් සමාජ නායකයන් පුළුල් රාමුවක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතු බවයි ඇය පවසා සිටින්නේ. ඒ සඳහා වත්මන් පාලන ක්‍රමය අභිබවා නව ආයතන හා පාලන ක්‍රමයන් රට තුළ පිහිටුව යුතු බවයි හිටපු ජනාධිපතිනිය සිය මුහුණු පොතේ තැබූ සටහනින් පෙන්වා දී ඇත්තේ.

READ:   සජිත් ගෙන් ඉන්දියාවට ඉල්ලීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්