ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. නව ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් අරගලයේ නියුතූ පුද්ගලයන්ගේ අරමුණූ ඉෂ්ට නොවූ බවත් සැලසුම් සහගතව කටයුතු නොකිරීම නිසා අරගලකරුවන්ට එම තත්වය උදා වූ බවත් එතුමා පවසනවා. රනිල් වික්‍රමසිංහ යනු මෙරට ජනතාවගේ ප්‍රසාදයක් හෝ ජාත්‍යන්තර ප්‍රසාදයක් හිමි නායකයෙකු ලෙස පත් වූ ජනාධිපතිවරයෙකු නොවන බැවින් එවැනි පුද්ගලයෙකු බලයට පත්වීම තුල ජනතාවගේ අපේක්ෂා ඉටු නොවී ජනතා අසහනය තවදුරටත් වැඩි විය හැකි බව එතුමා පෙන්වා දෙනවා. එවැනි අර්බුදකාරී අවස්ථාවක හදිසි තීරණ ගැනීම නීතිය අවභාවිතා කිරීම හරහා ලේ ගැලීම් ඇති විය හැකි බව එතුමා පෙන්වා දෙනවා. එවැනි අර්බුදකාරී තත්ත්වයක් මෙරට නිර්මාණය වීම එක්සත් ජාතින්ගේ සංවිධානය වැනි සංවිධාන හා ඉන්දියාව වැනි රටවල බලපෑමට මෙරට ඉදිරියේදී ලක්වීමට ඉඩ කඩ ඇති කරන බවයි එතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
නවතම වීඩියෝ
-
සුගීෂ්වර නැවත රිමාන්ඩ් !! විමල්ගේ අයියත් එක්කම බසයට ගොඩවෙයි
-
විශ්‍රාම වයසේ ආන්දෝලනය මැද නීතිපති දෙපාර්තමේන්තුව ගැන ඇමතිට ප්‍රශ්නයක්.හිරගෙට සුජීවගෙන් විසදුමක්
-
🔴ශාන්ත බණ්ඩාරගේ පුතා පැය 24ක් රදවාගනියි !! චීන ජාතිකයෙකුගේ රු. කෝටි 2ක් හොරකම් කරපු කේස් එකක්
-
අධිකරණ ඇමතිට තේරුම්ගන්න අමාරු වුණ දේශපාලන සිරකරුවන් ගැන අජිත් අහපු ප්රශ්නය.-ආයෙආයෙ අහන්න ඕන උත්තරේ


