වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට ලක්වූ ණය ගණුදෙනුකරුවන් හට මාස 6 ක කාලයක් සඳහා සුදුසු ණය සහනයන් ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රි ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී අනෙකුත් බැංකු වලින් ඉල්ලීමක් කරනවා. එලෙස ලබාදීමට නියමිත ණය සහනයන් ණයහිමිකරුවාගේ ණය ගෙවීමේ හැකියාව, ව්‍යාපාර, ව්‍යාපෘති සක්‍යතාව යන කාරණා සැලකිල්ලට ගෙන අවස්ථානුකූලව ලබා දීමට කටයුතු කරන ලෙසයි ශ්‍රි ලංකා මහ බැංකුව දන්වා සිටින්නේ. පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ණය සහන සපයන ලෙස රාජ්ය ආයතන සහ තවත් පාර්ශවකරුවන් රැසක් විසින් කළ ඉල්ලීම් සැලකීමට ගෙන මෙම තීරණය ගත් බවයි මහ බැංකුව පවසා සිටියේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…