Saturday, June 6, 2026
HomeදේශීයIMF සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කරනවා

IMF සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කරනවා


     ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවට ආර්ථික සහන ලබා දීම සඳහා මෙරට සමඟ සිදුකරගෙන යන සාකච්ජාවන් හැකි ඉක්මනින් අවසන් කරන බව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ‘ක්‍රිස්ටලිනා ජෝර්ජිවා’ පවසනවා.


ශ්‍රි ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හා මෙරට ජනතාවගේ ඉදිරි යහපැවැත්ම පිලිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බවයි එතුමිය ප්‍රකාශ කර සිටියේ. මේ වන විටත් මෙරට සමඟ තාක්ෂණික සාකච්ඡාවන් අවසන් කර ඇති අතර එම සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලය අනුව ශ්‍රි ලංකාවට ලබාදෙන සහන පැකේජයන්  සම්බන්ධ වැඩසටහන කඩිනම් කළ හැකි බවයි එතුමිය පෙන්වා දෙන්නේ.

ReplyForward
READ:   පෙරටුගාමී පක්ෂ කාර්යාලයට පොලිසිය කඩාවදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්