දේශීය

වෙඩි තියන්නේ නැහැ කිව්ව හමුදා ලොක්කගේ තරු පටි ගලවා දමයි.

මෙලෙස තණතුරු වලින් ඉවත් කර ඇත්තේ පසුගිදා අග්‍රමාත්‍ය කාර්යාලය අසල අරගල කරුවන් සහ අරාක්ෂක අංශ තර උණුසුම් තත්වයක් හටගත් ‌මොහොතේ, එම ස්ථානයට පැමිණ පිරිස විසුරුවා හළ ‍යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර මහතාගෙයි.

ජූලි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකර බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර මහතා අරගල කරුවන්ගේද ගෞරවයට ලක් වුණා.

කෙසේ නමුත් තණතුරු වලින් ඉවත් කෙරෙු ඉහල හමුදා නිළධාරියා වෙනුවෙන් ‌ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලා තරුණ ජනමාධ්‍ය වේදින්ගේ සංගමය මේ වන විටත් ක්‍රියා කොට තිබෙනවා.

(ඡායාරූපය – Kasun Pussewela )

උපුටා ගැනීම අදාල ලිපියෙන්…

සාමකාමී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ හමුදා නිලධාරියා තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙනි ජූලි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකර බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර සියලු තනතුරුවලින් ඉවත් කර ඇතැයි අද වාර්තා විය. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව සාමකාමීව අරගල කර පුරවැසියන් පිරිසක් 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලූ අතර එම සාමකාමී පුරවැසියන්ට වෙඩි නොතබන බවට ඉහත හමුදා නිලධාරියා ප්‍රකාශ කරන වීඩියෝවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය විය. එම නිලධාරියා තනතුරුවලින් ඉවත් කළේ වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ නිසා නම් එය බරලතල තත්ත්වයකි. එබැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන⁣ ලෙසත්, ඔහු ඉවත් කර ඇත්තේ ඉහත කාරණය නිසා නම් ඔහු යළිත් එම තනතුරුවලම පිහිටුවීමට කඩිනම් නිර්දේශයක් කරන ලෙසත් ඉල්ලා සිටිමු. – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago