රට මේ වන විට පත්ව ඇති දැවන්ත අර්බුදකාරී තත්වයේ වගකීම ජනාධිපති ඇතුළු රජය විසින් භාරගෙන, තනතුරු හා වගකීම් වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ඇතුළු රජයෙන් තමන් ඉල්ලා සිටින බව කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියා.
මෙවැනි උග්‍ර අර්බුදකාරී තත්වයක් රට තුල නිර්මාණය වීමට ප්‍රධාන හේතුව ජනාධිපති තුමන් ඇතුළු රජය වසර දෙක හමාරක් පුරාවට ගත් අත්තනෝමතික සහ අදූරදර්ශී තීන්දු තීරණ බව ප්‍රකාශ කර සිටි උන්වහන්සේ තවදුරටත් ජනතාව පීඩාවෙන් පීඩාවට පත්නොකර වගකීම් හා නිලයන් නිදහස් කොට ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව එතුමන් ප්‍රකාශ කර සිටියා.
රට මේ වන විට පත්ව ඇති අර්බුදකාරී ගැටළු මඟහරවා රට ගොඩනැගීමට ප්‍රබල බදාවක්ව ඇත්තේ රටේ ජනතාවගේ දැඩි අවිශ්වාසය හා අප්‍රසාදය වර්තමාන රජය කෙරෙහි පැවතිම බව පැවසූ උන්වහන්සේ එලෙස තිබියදී රාජපක්ෂ පවුල තවදුරටත් බලය අත් නොහැර සිටිම සදාචාර සම්පන්න නොවන කාරණයක් බව ප්‍රකාශ කර සිටියා.
හැකි ඉක්මනින් ඉල්ලා අස්වී ජනතාව වෙත බලය පවරා රටේ අනාගතය ජනතාවට භාර දිය යුතු බවත් ඉන්පසු නිර්මාණය වන අන්තර්කාලීන ආණ්ඩුවක් තුලින් ගැටළු විසදීම සඳහ පියවර ගත යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…