විශේෂාංග

විශේෂඥ වෛද්‍යවරියක් මුහුණු පොතේ දැමු සංවේදී සටහන

අවුරුදු ගානකට පස්සේ අද මං බස් එකේ ගෙදර ආවා.ඔව්… ඒක FB එකේ දාන්න තරං දෙයක් නෙවෙයි … ලංකාවේ ගොඩක් අය හැමදාම බස් එකේ ආවා ගියා. ඒකේ අමුතු මැජික් එකක් නෑ තමයි. ඒත් ඒ ඒ කාලේ. දැන් පාරේ බසුත් අඩුයි. දැන් කාටහරි හිතෙනවා නම් තෙල් නැති නිසා මෙච්චර කලකිරෙනවා කියන්නේ හරිම බොළඳ අය කියලා .. මේ තෙල් ප්‍රශ්නේ බූවල්ලෙක් වගේ උඩු දුවපු විශාල ප්‍රශ්නෙක එලියට පේන එක අණ්ඩක් විතරයි.

මගෙන් කවුරුහරි කොහෙද ඉන්නේ ඇහුවාම මට දෙන්න එක උත්තරයක් නෑ. මං වැඩ කරන්නේ පොලොන්නරුවේ. හස්බන්ඩ් පානදුරේ. මගේ අම්මා ඉන්නේ අතුරුගිරියේ. අපි ඉන්න කියලා ගෙවල් හැදුවේ නුවර. මං හැදුනේ වැඩුනේ බණ්ඩාරවෙල.. ඒ වුනාට උපන් ගම ගාල්ල. ඔය හේතු නිසා මට නිරන්තරයෙන්ම සෑහෙන්න ගමන් තිබ්බා.ඉස්සර මේ තෙල් අවුල් වෙන්න කලින් මං නුවර ඉඳන් පොලොන්නරුවේ වාහනේ ගෙනිච්චා, සමහර සතිවල එකතු වෙලා එක වාහනේක ගියා. කොළඹ ඉඳන් යනකොට අපි කට්ටියක් එකතුවෙලා එක වාහනේක ගියා.

තෙල් අවුල ආවට පස්සේ පෝලින් වල ඉඳලා සල්ලියි කාලෙයි දෙකම නාස්ති කරගෙන අමාරුවෙන් හිඟාකාලා වගේ තෙල් ටිකක් ගහගෙන ඒ ඔක්කොම පොලොන්නරුවේ යන්න පුච්චන එක ජාතික සහ පෞද්ගලික අපරාදයක් කියලා මටම හිතුනා. අවුරුදු දහයක් විතර කට්ට කාලා විශේෂඥ වෛද්‍යවරියක් වුනාට මගේ ක්ශේත්‍රයේ කිසිම පෞද්ගලික ආදායමක් නැතිවා වගේම ජීවිතේට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා නැති මට තියෙන්නේ ආණ්ඩුවෙන් ලැබෙන පඩිය විතරමයි. එහෙමයි කියලා අපිට අමුතුවෙන් තෙල් ලැබෙන්නෙත් නැති එකේ ඒකට නාහෙන් අඬලා පලක් නැති නිසා මං පොදු ප්‍රවාහනයට බැස්සේ හම්බුවෙන පඩිය පෙට්‍රල් වලට පුච්චන එක තේරුමක් නැති නිසා. විදෙස් පුහුණුවෙන් පස්සේ ලංකාවට ඇවිත් ගිය, සැප්තැම්බරයේ පොලොන්නරුවේ වැඩ බාරගත්ත කාලේ රුපියල් 5000 ක පෙට්‍රල් කොළඹින් ගැහුවාම මට කොළඹ ඉඳන් නුවර ගිහින් එතැනින් පොලොන්නරුවේ ගිහින් නැවත නුවර ඇවිත් කොළඹ එන්නත් ඇති. දැන් ටැංකි භාගයක් ගහන්නත් 10000 කට වඩා යනවා.

මං තාම හිතන්නේ බූරුවෙක් වෙනවද .. කුරුල්ලෙක් වෙනවද.. හිවල්ලුන් එක්ක පැටලෙනවද.. හිවලෙක් වෙනවද කියලා …

මෛත්‍රිපාල පාලනයට පින්සිදු වෙන්න පොලොන්නරුවේ රෝහලේ හොඳ නිල නිවාස තියනවා. එහෙමයි කියලා එහෙටම වෙලා ඉන්න හැකියාවක් නෑ හැමෝටම. එහේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් හැමෝගෙම වගේ පවුල් ඉන්නේ කොළඹ හෝ නුවර. අපිව අවුරුද්දෙන් අවුරුද්දට හෝ අවුරුදු හතරෙන් හතරට මාරු කරන නිසා බොහෝ අයට මුළු පවුල් පිටින් එහෙට වෙලා ඉන්න අමාරුයි.

අර බයිසිකල් පදින බදුල්ලේ වෛද්‍යවරුන් බයිසිකලේ පාගන් යන්නෙත් නිල නිවාසේ ඉඳං රෝහලට මිසක් තමන්ගේ ගෙදර ඉඳන් රෝහලට නෙවෙයි. ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.

පින්තූරය පොලොන්නරුවේ යන ගමන් කෝච්චියේදි ගත්ත එකක්බස් එකේ සෙල්ෆි ගන්න අත දිගහරින්නත් අමාරු තත්වයක් තිබ්බේ – Dr.Lawanya Wijesekara

ගමේ කට්ටියගෙන් කලින් සෝදිසි කරලා බැලුවාම පැයෙන් පැයට නුවරට බස් තියනවා කිව්වාට අද පොලොන්නරුවේ සිට නුවරට 12න් පස්සේ තිබ්බේ බස් දෙකයි. 12.55 ට එකයි 4.30 එකයි. යන්තන් 12.55 එකේ සීට් එකක් ලැබුනා ඩිපෝවටම ගිහින් නැග්ග නිසා. බස් එකේ රියදුරු තැන බිම හිටිය අයට .. තව බස් එකක් ආයේ එන්නේ නෑ කියලා අභියෝග කරලා තමයි ගමන පටන්ගත්තේ … කට කපලා මිනිස්සු .. මගින් සෑහෙන්න කට්ටිය ගොඩ වුනා.. මින්නේරියේදී තවත් කට්ටිය පුරව ගද්දි රියදුරු තැන කීව්වේ ” අපි කවුරුවත් බලෙන් නග්ග ගන්නේ නෑ… මේකේ සැපට යන්න බෑ.. එහෙම ඕනි අය බැහැලා යන්න… අද තව බස් නෑ..”

කොහොම කොහොම හරි වෙනදා පැය දෙකාමාරෙන් විතර එන ගමන පැය පහකින් ආවා. ඔය අතරේ අර පලාගිය කන්දකඩු රැඳවියන් හොයන්න තැන් 2-3 කදිම බස් එකේ හිටපු පිරිමි අය බස්සලා සෝදිසි කලා.

මේකේ සැපට යන්න බෑ.. එහෙම ඕනි අය බැහැලා යන්න… අද තව බස් නෑ

මට බස් එකේ යන්න කෝච්චියේ ‍යන්න බැරිකමක් නෑ. ඒත් ඒක මගේ කැමැත්ත නෙවෙයි .. කරන්න වෙන දෙයක් නැති නිසා කන කට්ටක්… පෝලිමේ ලතවෙනවට වඩා බස් එකේ යන එක සැපැයි කියලා තෝර ගත්ත විකල්පයක්.‍රට හදන්න … සිස්ටම් වෙනස්කරන්න මටනං දැන් මහන්සියි … කරන්න තියන එකමදේ මේ රට දාල යන එක විතරයි කියලා හිතෙන වාර අනන්තයි.. ඒත් මොකක්ද කරුමෙකට ඒක ක්‍රියාවකට නං වන්න තරම් ඩ්‍රයිව් එකක් ඇති වෙන්නේ නෑ තාමත්.. නමුත් දන්න දන්න බොහෝ අය තමන්ගේ හිතට එකඟ නැති ඒ තිරණය අරගන්න තැනට දැන් දැන් තල්ලු වෙන්වා…

තමන් අකමැති දෙයක් කරන්න වීම දුකක් තමයි තමන් අකමැති දෙයක් තමාගේ වරදක් නැතිව කරන්න සිදුවීමට කර්මය හරි දෙයියන්ගේ කැමැත්ත හරි කියලා කියන්නත් පුළුවන් … කියලා බූරුවෝ වගේ ඉඳලා මැරිලා යන්නත් පුළුවන් නැතිනම් තමාව ඒ තත්වයට ඇදලා දාපු හිවල්ලු එලවන්න වැඩ කරන්නත් පුළුවන් එහෙමත් නැතිනම් හිවල්ලුන්ටම කරගන්න කියලා මෙහෙන් ඉගිලිලා යන්නත් පුළුවන් ..

මං තාම හිතන්නේ බූරුවෙක් වෙනවද .. කුරුල්ලෙක් වෙනවද.. හිවල්ලුන් එක්ක පැටලෙනවද.. හිවලෙක් වෙනවද කියලා …

We make our own choices

We pay our own prices

ලවණ්‍යා

Recent Posts

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

8 hours ago

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…

9 hours ago

සාරනාත් පුරාවිද්‍යාත්මක බෞද්ධ පූජනීය භූමිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට – ඉන්දියාවේ 45 වැනි ලෝක උරුම ස්ථානය ලෙස පිළිගැනේ

වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…

10 hours ago

Sarnath Becomes India’s 45th UNESCO World Heritage Site

Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…

10 hours ago

ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි – විපක්ෂ නායක

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…

23 hours ago

සුගතදාසේ පූල් එකට විද්‍යුත් කාල පද්ධතියක්!

පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…

23 hours ago