දේශීය

පලාලි ජාත්‍යන්තර ගුවන් ගමන් ජුලි 01දා සිට.

ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස වසර ගණනාවක් පුරා නාම පුවරුවට සීමා වී තිබූ පලාලි ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් සේවා ජූලි 01 දා සිට අරඹන ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (17) පලාලි ගුවන් තොටුපොළ බලධාරීන්ට හා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට උපදෙස් ලබාදී තිබෙනවා

පලාලි ගුවන් තොටුපොළ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ,යුද්ධයෙන් විනාශ වී තිබූ උතුරු පළාතේ සංවර්ධන කටයුතු ඇරඹීමට 1996 පළමු වරටයාපනයට පැමිණි අවස්ථාවේ කොටි සංවිධානය තමන්ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ද උතුරේ ජනතාවට සේවය කිරීමට දෛවය තමන්ට දෙවන වරටත් ඓතිහාසික අවස්ථාවක් ලබා දී ඇති බවය.
පලාලි ගුවන් තොටුපලේ සිට ඉන්දියාවට පමණක් නොව අනෙක් රටවලටද නව ගුවන් ගමන් සේවා ඇරඹීමට ගුවන් සමාගම් සමග සාකච්ඡා කරන ලෙස අමාත්‍යවරයා මෙහි දී බලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
පලාලි ගුවන්තොටුපොළේ දැනට පවතින පහසුකම් පිළිබඳ සොයා බැලූ අමාත්‍යවරයා අවශ්‍ය නවීකරණයන් සමග තීරු බදු බදු රහිත සාප්පු සංකීර්ණයක් කඩිනමින් එහි ස්ථාපිත කරන ලෙස පැවසීය.
දැනට පවතින ගුවන් පථයට ගොඩ බැස්සීමේ හැකියාව ඇත්තේ මගීන් හැත්තෑ දෙදෙනකු (72) රැගෙන යන ගුවන් යානා වලට පමණක් බැවින්,එම ගුවන් පථය තව දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතු බව ද මෙහි දී බලධාරීහු පෙන්වා දුන්හ.

පලාලි ගුවන්තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමත් සමගම විදෙස්ගත දමිල ප්‍රජාවට තමන්ගේ මව්බිමට උතුරට පැමිණ තමන්ගේ මුදල් ආයෝජනය කරමින් නව ව්‍යාපාර ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා මෙහි දී විදේශගත දමිළ ප්‍රජාවට ආරාධනා කර සිටියේය.
එසේම පලාලි ගුවන්තොටුපොළේ දැනට සේවය කරන නිලධාරීන් වරින්වර කටුනායක ගුවන් තොටුපොළට ද කටුනායක ගුවන්තොටුපලේ සේවය කරන අය පලාලි ගුවන් තොටුපළට අනුයුක්ත කර සිංහල දෙමළ භාෂා දෙකේම ප්‍රවීණතාවය ඔවුන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කළේය.

පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ලබා දෙන සහයෝගයට සහ අප රටට ආර්ථික වශයෙන් නැගී සිටීමට අත දීමට ඉදිරිපත්වීම පිළිබඳව අමාත්‍යවරයා ඉන්දියානු රජයට සහ ඉන්දියානු ජනතාවට සිය ප්‍රණාමය පළ කළේය.ඉන්දියාව ලබා දෙන එම ණය ආධාර මුදල ධාවන පථය සංවර්ධනය සඳහා යොදවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

උතුරේ ජනතාවට ලබා දිය හැකි හොඳම සංවර්ධන ත්‍යාගය පලාලි ගුවන් තොටුපල හා කංකසන්තූරය වරාය සංවර්ධනය කර ඒවා බලගැන්වීම බව ද ඒ තුළින් ආර්ථික සංවර්ධනය සේම උතුරේ සමාජ සංස්කෘතික සංවර්ධනය ද ඇති වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන් ඉන්දියානු ජනතාවට මෙරට සංචාරය සඳහා පැමිණීමට ඇති හොඳම සහ ලාභදායීම ගුවන් තොටුපොළ පලාලි ගුවන් තොටුපොළ බව ද අනෙක් රටවල සංචාරකයන් ද පලාලි ගුවන්තොටුපොළ ඔස්සේ රටට පැමිණීමෙන් ඔවුන්ට ද කොළඹ සිට සිය සංචාරක ගමන් අරඹනවාට වඩා පලාලි ගුවන් තොටුපොළට පැමිණ එහි සිට එම සංචාරක ගමන් ඇරඹීම වඩා ලාභදායි බව අමාත්‍යවරයා සඳහන් කළේය

මෙම නිරීක්ෂණ චාරිකාවට හා සාකච්ඡාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපති හා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අංගජන් රාමනාදන් මහතා ද අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ද ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ.චන්ද්‍රසිරි මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීහු ද යාපනය ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී රාකේෂ් නටරාජ් මහතා ද යාපනය දිසාපතිවරයා ද යුද හමුදා හා ගුවන් හමුදා සහ පොලිස් නිලධාරිහු සහභාගි වූහ.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

23 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

23 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago