දේශීය

උතුම් සම්බුදු තෙමඟුල අදයි

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද (15)ට යෙදී ඇත.

පොහොය ලැබීම අද (15) දහවල් 12.46 ට සිදුවන අතර පොහොය ගෙවෙන්නේ හෙට (16) උදෑසන 9.43 ටය.

රට තුළ ආර්ථික අර්බුදයක් ඇතත්, තමන්ට හැකි අයුරින් සම්බුදු තෙමඟුල සැමරීමට බොදු ජනතාව සූදානම් වෙති.

පසුගිය දෙවසරෙහි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිවෙස්වල සිටම වෙසක් දින ආගමික වතාවත්වල නිරත වූ බොදු ජනතාවට මෙවර එම වසංගත තත්වය පහවයාමත් සමඟ වෙහෙර විහාරස්ථානයන්ට ගොස් ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිව තිබේ.

2019 වසරේ දී ද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බොදු ජනතාවට වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිවෙස්වල සිටය.

ඒ අනුව මෙවර ජනතාවට නිදහසේ වෙසක් දින ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිවන්නේ තෙවරසකට පසුවය. වසර තුනකට පසු මෙවර රට පුරා විවිධ ස්ථානවල තොරණ කිහිපයක් ද ඉදිවෙමින් පවතින අතර, පිටකොටුව බෝධිය අසල සහ තොටළඟ ඉදිවන තොරණ ද මෙවර ඉදිකර ඇත.

රටපුරා විවිධ ස්ථානවල මෙවර දර්ශනීය පහන්කූඩු සහ වෙසක් කලාප ද ඉදිවෙමින් පවතී.

ජනතාවට ඇති ආර්ථික ගැටලු නිසාදෝ පෙර වසරවලට සාපේක්‍ෂව මෙවර දන්සැල් සංවිධානය කර ඇත්තේ ඉතා අඩුවෙන් බව ද පෙනේ.

(ඩයනා උදයංගනී)
ලංකාදීප පුවත්පතෙන්

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

22 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

22 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago