සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද (15)ට යෙදී ඇත.
පොහොය ලැබීම අද (15) දහවල් 12.46 ට සිදුවන අතර පොහොය ගෙවෙන්නේ හෙට (16) උදෑසන 9.43 ටය.
රට තුළ ආර්ථික අර්බුදයක් ඇතත්, තමන්ට හැකි අයුරින් සම්බුදු තෙමඟුල සැමරීමට බොදු ජනතාව සූදානම් වෙති.
පසුගිය දෙවසරෙහි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිවෙස්වල සිටම වෙසක් දින ආගමික වතාවත්වල නිරත වූ බොදු ජනතාවට මෙවර එම වසංගත තත්වය පහවයාමත් සමඟ වෙහෙර විහාරස්ථානයන්ට ගොස් ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිව තිබේ.
2019 වසරේ දී ද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බොදු ජනතාවට වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිවෙස්වල සිටය.
ඒ අනුව මෙවර ජනතාවට නිදහසේ වෙසක් දින ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිවන්නේ තෙවරසකට පසුවය. වසර තුනකට පසු මෙවර රට පුරා විවිධ ස්ථානවල තොරණ කිහිපයක් ද ඉදිවෙමින් පවතින අතර, පිටකොටුව බෝධිය අසල සහ තොටළඟ ඉදිවන තොරණ ද මෙවර ඉදිකර ඇත.
රටපුරා විවිධ ස්ථානවල මෙවර දර්ශනීය පහන්කූඩු සහ වෙසක් කලාප ද ඉදිවෙමින් පවතී.
ජනතාවට ඇති ආර්ථික ගැටලු නිසාදෝ පෙර වසරවලට සාපේක්‍ෂව මෙවර දන්සැල් සංවිධානය කර ඇත්තේ ඉතා අඩුවෙන් බව ද පෙනේ.
(ඩයනා උදයංගනී)
ලංකාදීප පුවත්පතෙන්
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…