විදේශීය

යුක්‍රේන ජාතිකයන් මිලියන 06ක් සිය රට අතහැර යයි

මිලියන 06කට වැඩි යුක්‍රේන ජාතිකයන් පිරිසක් සිය රට අතහැර ගොස් ඇත.

යුක්‍රේන යුද්ධය හේතුවෙන් මෙසේ සරණාගතයින් ලෙස ජනතාව පලායාමට පටන්ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම පවසයි.

රුසියාව විසින් පසුගිය පෙබරවාරි 24වැනිදා යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කළේය. මැයි මස 11වැනිදා වන විට එලෙස රට හැරගිය යුක්‍රේන ජාතීකයන්ගේ සංඛ්‍යාව 6,029,000 ඉක්මවාගොස් තිබේ.

ඉන් වැඩි පිරිසක් මුලින්ම පෝලන්තය ප්‍රමුඛ අසල්වැසි රටවලට පලාගොස් තිබුණි. එලෙස පලාගිය යුක්‍රේන පුරවැසියන් අතර 90%ක්ම කාන්තාවන් සහ ළමයින් බවට අනාවරණය වී ඇත. වයස අවුරුදු 18ත් 60ත් අතර පිිරිමි පුද්ගලයින්ට හමුදා සේවය සඳහා රටතුළ රැඳී සිටීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවයි.

යුද්ධය හේතුවෙන් තවත් මිලියන 8කට ආසන්න යුක්‍රේන ජාතිකයන් සිය රට තුළ අවතැන්වී ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික ආයතන සඳහන් කරයි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

23 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

23 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago