Thursday, April 23, 2026
Homeවිදේශීයයුක්‍රේන ජාතිකයන් මිලියන 06ක් සිය රට අතහැර යයි

යුක්‍රේන ජාතිකයන් මිලියන 06ක් සිය රට අතහැර යයි

මිලියන 06කට වැඩි යුක්‍රේන ජාතිකයන් පිරිසක් සිය රට අතහැර ගොස් ඇත.

යුක්‍රේන යුද්ධය හේතුවෙන් මෙසේ සරණාගතයින් ලෙස ජනතාව පලායාමට පටන්ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම පවසයි.

රුසියාව විසින් පසුගිය පෙබරවාරි 24වැනිදා යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කළේය. මැයි මස 11වැනිදා වන විට එලෙස රට හැරගිය යුක්‍රේන ජාතීකයන්ගේ සංඛ්‍යාව 6,029,000 ඉක්මවාගොස් තිබේ.

ඉන් වැඩි පිරිසක් මුලින්ම පෝලන්තය ප්‍රමුඛ අසල්වැසි රටවලට පලාගොස් තිබුණි. එලෙස පලාගිය යුක්‍රේන පුරවැසියන් අතර 90%ක්ම කාන්තාවන් සහ ළමයින් බවට අනාවරණය වී ඇත. වයස අවුරුදු 18ත් 60ත් අතර පිිරිමි පුද්ගලයින්ට හමුදා සේවය සඳහා රටතුළ රැඳී සිටීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවයි.

යුද්ධය හේතුවෙන් තවත් මිලියන 8කට ආසන්න යුක්‍රේන ජාතිකයන් සිය රට තුළ අවතැන්වී ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික ආයතන සඳහන් කරයි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   ජෙරුසෙලමේ දේවස්ථානයකට ප්‍රහාරයක් - පුද්ගලයින් 07දෙනෙකු ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්