ඉදිරියේදී ඇති විය හැකි අධික වැසි සහිත කාලගුණයත් සමඟ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ගුවන් හමුදාව සූදානමින් සිටියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉදිරියේදී අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ඒ අනුව දිවයිනේ පළාත් කිහිපයක නාය යාම් හා ගංවතුර අවදානමක් පවති. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සහන සැළසීමට හා ජනතාව මුදා ගැනීමේ මෙහෙවුම් සදහා අවශ්‍ය ගුවන් යානා මෙන්ම භට පිරිස් ස්ථාන ගත කර තැබීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාවේ අදාළ අංශවලට උපදෙස් දී ඇත.
ඒ අනුව රත්මලාන, කටුනායක, හිගුරක්ගොඩ, අනුරාධපුර යන ගුවන් හමුදා කදවුරුවල අදාළ යානා ස්ථානගත කර ඇ.තැයි ගුවන්හමුදාව සදහන් කරයි.
මුදා ගැනීමේ මෙහෙයුම් සදහා විශේෂ පුහුණුව ලැබූ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස්ද මේ වන විටත් සූදානමින් සිටියි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU