ඉදිරියේදී ඇති විය හැකි අධික වැසි සහිත කාලගුණයත් සමඟ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ගුවන් හමුදාව සූදානමින් සිටියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉදිරියේදී අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ඒ අනුව දිවයිනේ පළාත් කිහිපයක නාය යාම් හා ගංවතුර අවදානමක් පවති. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සහන සැළසීමට හා ජනතාව මුදා ගැනීමේ මෙහෙවුම් සදහා අවශ්‍ය ගුවන් යානා මෙන්ම භට පිරිස් ස්ථාන ගත කර තැබීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාවේ අදාළ අංශවලට උපදෙස් දී ඇත.
ඒ අනුව රත්මලාන, කටුනායක, හිගුරක්ගොඩ, අනුරාධපුර යන ගුවන් හමුදා කදවුරුවල අදාළ යානා ස්ථානගත කර ඇ.තැයි ගුවන්හමුදාව සදහන් කරයි.
මුදා ගැනීමේ මෙහෙයුම් සදහා විශේෂ පුහුණුව ලැබූ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස්ද මේ වන විටත් සූදානමින් සිටියි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…