Thursday, April 23, 2026
Homeදේශීයඅධික වැසි සමඟ ඇති විය හැකි ආපදා තත්ත්වයට මුහුණදීමට ගුවන් හමුදාව සූදානමින්

අධික වැසි සමඟ ඇති විය හැකි ආපදා තත්ත්වයට මුහුණදීමට ගුවන් හමුදාව සූදානමින්

ඉදිරියේදී ඇති විය හැකි අධික වැසි සහිත කාලගුණයත් සමඟ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ගුවන් හමුදාව සූදානමින් සිටියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉදිරියේදී අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ඒ අනුව දිවයිනේ පළාත් කිහිපයක නාය යාම් හා ගංවතුර අවදානමක් පවති. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සහන සැළසීමට හා ජනතාව මුදා ගැනීමේ මෙහෙවුම් සදහා අවශ්‍ය ගුවන් යානා මෙන්ම භට පිරිස් ස්ථාන ගත කර තැබීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාවේ අදාළ අංශවලට උපදෙස් දී ඇත.

ඒ අනුව රත්මලාන, කටුනායක, හිගුරක්ගොඩ, අනුරාධපුර යන ගුවන් හමුදා කදවුරුවල අදාළ යානා ස්ථානගත කර ඇ.තැයි ගුවන්හමුදාව සදහන් කරයි.

මුදා ගැනීමේ මෙහෙයුම් සදහා විශේෂ පුහුණුව ලැබූ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස්ද මේ වන විටත් සූදානමින් සිටියි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි! ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්