දේශීය

ආර්ථික අර්බුදය විසදීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙනනවා- අග්‍රාමාත්‍ය

ආර්ථික අර්බුදය විසදීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු ආශිර්වාද ලබාගැනීම සඳහා ගංඟාරාම විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමිනි.

ඉදිරි මාස කිහිපය මීටත් වඩා අමාරු විය හැකි බවත් එහෙත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙම ආර්ථික අර්බදුයෙන්ම ගොඩ ඒමට තමයි මම මෙය භාර ගත්තේ, ඒහෙත් ඒය තනියම කළ නොහැකි බවත් ඒ සඳහා අන් රටවල ආධාර ලබා ගත යුතු බවද අගමැතිවරයා කිය.

අපි තුන්වේලක් කන ජාතියක් වෙන්න ඕන. රුපියලට වටිනාකමක් තිබෙන්න ඕන.තරුණයන්ට අනාගතයක් තියෙන්න ඕන ”යැයි අගමැතිවරයා වැඩිදුරටත් කිය. පාර්ලිමේන්තුවේ සියළු දෙනාගේම සහය ඇතිව මෙය ඉදිරියට කරගෙන යා හැකි බවද අගමැතිවරයා සඳහන් කළේය.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

5 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

5 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago