Wednesday, April 29, 2026
Homeදේශීයගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහර දීම වැරැදියි -මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ

ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහර දීම වැරැදියි -මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ

ගාලුමුවදොර සාමකාමි විරෝධතාවක නිරතව සිටින අයට පහර දීම පිළිකුල්සහගතව හෙළා දකින බවත් රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට දේශපාලන පක්ෂ ප්‍රමුඛ අනෙකුත් බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස් වන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රට තුළ යහපත් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නොනැඟුණ හොත් නැවත මේ රට ගොඩ ගැනීම තමාට නොව කිසිවකුටත් කළ නොහැකි වනු ඇතැයි පැවසූ ඒ මහතා, මේ බව තමන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලටම දන්වා ඇති බවත් කීවේය. සියල්ල එකමුතු වී රට ගොඩ ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඔවුන්ගේ වගකීම බවත් හෙතෙම කීවේය. තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට මෙරටට පැමිණියේ සති දෙකක් තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තමන්ගේ සිත් තුළ තිබූ ආර්ථිකය යථාවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි විශ්වාසය මත බව ද හෙතෙම කීවේය. කෙසේ වෙතත් තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගෙන මාසයකට ආසන්න කාලයක් ගත වුවද තවමත් රට දේශපාලන වශයෙන් අස්ථාවර තත්ත්වයක පැවතීම මහ බැංකුවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සැලසුම් ඉදිරියට ගෙන යෑම බරපතළ අභියෝගයකට ලක් කර ඇතැයි ද වීරසිංහ මහතා පැවසුවේය.

ජයසිරි මුණසිංහ සහ මහින්ද අලුත්ගෙදර (DINAMINA)

READ:   ඉන්දියාව කම්පා කරමින් තරුණ පවුලක් දරුවන් සමගින් සියදිවි නසා ගනී: හේතුව ලංකාවට සම්බන්ධ වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්