චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,
කමල් ගුණරත්න නම් පුද්ගලයා ආරක්ෂක ලේකම් ලෙස පෙනී සිටිමින් හමුදාවට වෙඩි තැබීමේ නියෝග නිකුත් කිරීම සහ මාධ්‍යට ප්‍රකාශ ලබාදීම සම්බන්ධවයි
01) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේද අනුදැනුමෙන් රටතුල ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිකර ඉන් පසු පසුගිය 09 වැනිදා ඉල්ලා අස්වූ බව නිවේදනය කළ අතර ඊට අදාල ගැසට් නිවේදනය එදින රාත්‍රී ප්‍රසිද්ධියට පත් කළේය.
02) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49.1 අනුව අග්‍රාමාත්‍යවරයාගේ ධුරය දැරීම නතර වූ විට අමාත්‍යමණ්ඩලය විසිරෙන්නේය.
03) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52.3 අනුව අමාත්‍ය මණ්ඩලය විසිර ගිය පසු අමාත්‍යංශ ලේකම්වරුන් ධුරය දැරීම නතර විය යුතුය.
04) එසේ තිබියදී සහ රටේ අග්‍රාමාත්‍යවරයකු හෝ ඇමැති මණ්ඩලයක් නොමැති තත්ත්වයක කමල් ගුණරත්න නම් පුද්ගලයා ආරක්ෂක ලේකම් ලෙස පෙනීසිටිමින් ආරක්ෂක හමුදාවලට වෙඩි තැබීමේ නියෝග ඇතුළු නියෝග නිකුත් කිරීමත්, ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමත් බරපතල තත්ත්වයකි.
05) රජයේ දේපොළ භාවිත කරමින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දෙන මෙම පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
web.yjasl@gmail.com
පිටපත්
සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…