දේශීය

වෙඩි තැබීමට අණ දුන් බව සඳහන් කරමින්, කමල් ගුණරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම ප්‍රශ්න කරමින්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිට ලියයි

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
 
පොලිස්පතිතුමනි,
 
කමල් ගුණරත්න නම් පුද්ගලයා ආරක්ෂක ලේකම් ලෙස පෙනී සිටිමින් හමුදාවට වෙඩි තැබීමේ නියෝග නිකුත් කිරීම සහ මාධ්‍යට ප්‍රකාශ ලබාදීම සම්බන්ධවයි
 
01) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේද අනුදැනුමෙන් රටතුල ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිකර ඉන් පසු පසුගිය 09 වැනිදා ඉල්ලා අස්වූ බව නිවේදනය කළ අතර ඊට අදාල ගැසට් නිවේදනය එදින රාත්‍රී ප්‍රසිද්ධියට පත් කළේය.
 
02) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49.1 අනුව අග්‍රාමාත්‍යවරයාගේ ධුරය දැරීම නතර වූ විට අමාත්‍යමණ්ඩලය විසිරෙන්නේය.
 
03) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52.3 අනුව අමාත්‍ය මණ්ඩලය විසිර ගිය පසු අමාත්‍යංශ ලේකම්වරුන් ධුරය දැරීම නතර විය යුතුය.
 
04) එසේ තිබියදී සහ රටේ අග්‍රාමාත්‍යවරයකු හෝ ඇමැති මණ්ඩලයක් නොමැති තත්ත්වයක කමල් ගුණරත්න නම් පුද්ගලයා ආරක්ෂක ලේකම් ලෙස පෙනීසිටිමින් ආරක්ෂක හමුදාවලට වෙඩි තැබීමේ නියෝග ඇතුළු නියෝග නිකුත් කිරීමත්, ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමත් බරපතල තත්ත්වයකි.
 
05) රජයේ දේපොළ භාවිත කරමින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දෙන මෙම පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
 
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
web.yjasl@gmail.com 

පිටපත්
සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

17 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago