දේශීය

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගෙන් නිවේදනයක්

කොළඹ සිට වටරැක බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස්රථයකින් රැගෙන යමින් සිටි පුනරුත්ථාපනය වන රැඳවුවන් පිරිසකට ප්‍රකෝපකාරීන් පිරිසක් විසින් ඊයේ (09) මාලබේ තලාහේන ප්‍රදේශයේදී කළ පහර දීමකින් රැඳවූවන් 10 දෙ‍ෙනකු සහ බන්ධනාගාර නිළධාරින් කීපදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මේ අවස්ථාවේ දි ඇති වූ කලබලකාරී තත්ත්වය හමුවේ මෙම බස් රථයේ සිටි තවත් රැඳවුවන් 58 දෙනෙකු මේ වන විට මගහැරී ඇතැයි ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුනරුත්ථාපනය වන මෙම රැඳවුවන් 30 ක පමණ පිරිසක් ,වැඩසහන ක්‍රමය යටතේ කොල්ලලුපිටිය සිලක් ආයතනය වෙතත් ,රුඳවුවන් 105 ක් රාජගිරිය ප්‍රදේශයේ අයිකොනික් ආයතනයේත් බත්තරමුල්ල මාගා ආයතනයේත් ඉදිකිරීම් කටයුතු සදහා උදෑසන සේවයේ යෙදවීමෙන් පසු සවස් කාලයේ ආපසු රැගෙන ඒමින් සිටියදී මෙම පහරදීමට ලක්වී ඇත.

ඊයේ සවස රට තුළ ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මෙම සිරකරුවන් නැවත වටරැක බන්ධ නාගාරය වෙත රැගෙන එන අවස්ථාවේදී තලාහේන ප්‍රදේශයේදී කලහකාරී පිරිසක් විසින් බන්ධනාගාර බස්රථ වලට ප්‍රහාර එල්ලකර ඇති අතර කලබලයට හා බියට පත් මෙම රැඳවුවන් පිරිස බස්රථවලින් බැස තිබේ.ඒහිදී මෙම සිරකරුවන් හා බන්ධනාගාර නිළධාරින්ට තුවාල සිදු වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීයි .

ඊයේ (09) රට තුල පැවැති කලහකාරී ක්‍රියා සඳහා යොදා ගත් බවට ඇතැම් සමාජ මාධ්‍ය පුවත් පළ කර තිබූ බවත් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ රැඳවුවන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කිරීමේ වැඩසටහනට මෙම සිරකරුවන්ද බන්ධනාගාර නිළධාරින් ගේ රැකවරණය යටතේ දායක කර ඇති බවත් ඒම සිරකරුවන් කිසිසේත් රට තුළ ඇතිවූ කලහකාරී ක්‍රියාවන් ට සම්බන්ධ නොමැති බවත් කොමසාරිස්වරයා අවධාරණය කරයි.

දැනට බන්ධනාගාර රැකවරණයෙන් මිදී පළාගොස් සිටින සිරකරුවන් 58 දෙනා සම්බන්ධව තොරතුරක් දන්නේ නම් ඔවුන්ට කිසිඳු හින්සාවක් නොකර බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත හෝ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දන්වා සිටින ලෙසත් උපුල්දෙණිය මහතා ඉල්ලීමක් කරයි.

report : dinamina

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago