දේශීය

අමෙරිකාවෙන් කුරුළු උණ රෝගියෙක්

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් ‘H5’ කුරුළු උණ ආසාදිතයෙකු මුල්වරට හදුනාගෙන ඇත. ඒ පිළිබඳ එර‌ට සෞඛ්‍ය අංශ දැඩි අවදානයකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘H5’ කාණ්ඩයේ විශේෂිත කුරුළු උණ ආසාදිතයෙකු ගෝලීය වශයෙන් හදුනා ගනු ලැබූ දෙවන අවස්ථාව මෙය වේ.

2021 වසරේ දෙසැම්බර් මාසායේ දී බ්‍රිතාන්‍යයෙන් පළමු ‘H5’ කුරුළු උණ ආසාදිතයා හදුනා ගෙන තිබුණි.

කොලරාඩෝ ප්‍රාන්තයෙන් හදුනා ගත් ආසාදිතයාව මේවන විට සුවය ලබා ඇති බව වාර්තා වේ. ඔහුට දින කිහිපයක් අධික තෙහෙට්ටුව වැනි රෝග ලක්‍ෂණ පැවැති බව වෛද්‍යවරු පවසයි. මෙම පුද්ගලයා කුකුළු මස් මැරීමේ යෙදී සිටි බව වාර්තා වේ.

හුදෙකලා කොට ඉන්ෆ්ලුවෙන්සා ප්‍රති වෛරස් ඖෂධයක් වන ඔසෙල්ටාමිවර් ලබා දීමෙන් පසු රෝගිය සුවය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

DINAMINA

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago