Thursday, June 4, 2026
Homeදේශීයඅමෙරිකාවෙන් කුරුළු උණ රෝගියෙක්

අමෙරිකාවෙන් කුරුළු උණ රෝගියෙක්

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් ‘H5’ කුරුළු උණ ආසාදිතයෙකු මුල්වරට හදුනාගෙන ඇත. ඒ පිළිබඳ එර‌ට සෞඛ්‍ය අංශ දැඩි අවදානයකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘H5’ කාණ්ඩයේ විශේෂිත කුරුළු උණ ආසාදිතයෙකු ගෝලීය වශයෙන් හදුනා ගනු ලැබූ දෙවන අවස්ථාව මෙය වේ.

2021 වසරේ දෙසැම්බර් මාසායේ දී බ්‍රිතාන්‍යයෙන් පළමු ‘H5’ කුරුළු උණ ආසාදිතයා හදුනා ගෙන තිබුණි.

කොලරාඩෝ ප්‍රාන්තයෙන් හදුනා ගත් ආසාදිතයාව මේවන විට සුවය ලබා ඇති බව වාර්තා වේ. ඔහුට දින කිහිපයක් අධික තෙහෙට්ටුව වැනි රෝග ලක්‍ෂණ පැවැති බව වෛද්‍යවරු පවසයි. මෙම පුද්ගලයා කුකුළු මස් මැරීමේ යෙදී සිටි බව වාර්තා වේ.

හුදෙකලා කොට ඉන්ෆ්ලුවෙන්සා ප්‍රති වෛරස් ඖෂධයක් වන ඔසෙල්ටාමිවර් ලබා දීමෙන් පසු රෝගිය සුවය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

DINAMINA

READ:   ජැක්සන් ඇන්තනී නැවත වරක් අසාධ්‍ය තත්වයකට පත්වූ බව වාර්තා වනවා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්